29 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව විදෙස් පුවත් තුන්වන ලෝක යුද්ධය ඇරඹේ.?

ඇමරිකානු හමුදා සෙබළුන් 3500ක් මැදපෙරදිග වෙත පිටත්කර යැවීමට ඇමරිකාව තීරණය කර තිබේ.

ඇමරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදාවේ වැඩිම බලයක් හිමි අණ දෙන නිලධාරියා වන ජෙනරාල් කාසෙම් සොලෙයිමානි මිය යාමත් සමඟ ඉරානය ඇමරිකාවෙන් පළිගැනීමේ සූදානමක පසුවන නිසා මෙලෙස හමුදා සෙබළුන් යැවීමට ඇමරිකාව තීරණය කර තිබේ.

දෙරටේම හිතුවක්කාර ක්‍රියා කලාපය තුන්වන ලෝක යුද්ධයට මග පාදාවිදෝ යන බිය මේ වනවිට ජාත්‍යන්තර ප්‍රජාව තුල හටගෙන ඇත.

සිදුවූයේ කුමක් ද?

ජෙනරාල් කාසෙම් සොලෙයිමානි සහ ඉරානයේ සහය ලබන සන්නද්ධ කණ්ඩායම්වල නිලධාරීන් ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන් තොටුපළෙන් මෝටර් රථ දෙකක නැගී පිටත් වන අවස්ථාවේ ඩ්‍රෝන මඟින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

අණදෙන නිලධාරීවරයා ලෙබනන් හෝ සිරියාවේ සිට ගුවන් තොටුපොළට පැමිණ ඇතැයි වාර්තා වේ. පිරිස ගමන් ගත් මෝටර් රථවලට මිසයිල ප්‍රහාර කීපයක් එල්ල වී ඇති අතර පුද්ගලයන් පස් දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඉරාක සන්නද්ධ කණ්ඩායම් නායකයකු වන අබු මහදි අල්-මුහන්දිස් ද මිය ගිය අය අතර සිටි බව ඉරාන විප්ලවීය හමුදාව පවසයි.

“විදෙස් රටවල සිටින ඇමරිකානු නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අණ යටතේ, ඇමරිකානු හමුදාව ස්ථිර ආරක්ෂාකාරී පියවරකට එළඹුණා කාසෙම් සොලෙයිමානි මරා දමන්න” යැයි පෙන්ටගනය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

“ලෝකයේ පුරා සිටින අපේ ජනතාව සහ අපේ ශුභසිද්ධිය වෙනුවෙන් ඉදිරියේදීත් අවශ්‍ය සියලු පියවර ගැනීම ඇමරිකාව නොනවත්වා ගන්නවා,” යැයි එහි තවදුරටත් සඳහන් වේ.

බැග්ඩෑඩ් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පරිශ්‍රයට උද්ඝෝෂකයෝ පහර එල්ල කර එහි සිටි ඇමරිකානු ආරක්ෂක අංශ සමඟ ගැටීමෙන් දින කීපයකට පසු මෙම ගුවන් ප්‍රහාරය එල්ල විණි. කාසෙම් සොලෙයිමානි ඇමරිකානු තානාපති කාර්යාලය පරිශ්‍රයට ප්‍රහාර එල්ල කිරීම අනුමත කළ බව පෙන්ටගනය පැවසීය.

ඉරානය කුමක් පවසන්නේ ද?

“මෙය ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවක්.” යැයි කී ඉරාන විදේශ කටයුතු ඇමති ජාවඩ් සරීෆ් සිය ට්විටර් පණිවිඩයෙන් කියා සිටියේ “මේ මැර, අවදානම් ක්‍රියාවේ ප්‍රතිවිපාකවලට ඇමරිකාව වගකීම දරාගත යුතුයි,” යනුවෙනි.

ඉරානය “ඇමරිකාවෙන් දරුණු විදියට පළිගන්නවා” ඇතැයි විප්ලවීය හමුදාවේ හිටපු හමුදාපති මෝහ්සෙන් රෙසාඉ පැවසුවේය. “අපරාධ ක්‍රියාවක් වන මෙම ප්‍රහාරය” ගැන සාකච්ඡා කිරීම සඳහා එරට ප්‍රධාන පෙළේ ආරක්ෂක කමිටුවක් රැස් වීමට නියමිත බව ඉරාන රජයේ ප්‍රකාශකයෙකු පවසා තිබිණි.

“ඉරානය ඇතුළු මෙම කලාපයේ අනෙක් නිදහස් ජාතීන් අපරාධකරුවෙකු වන ඇමරිකාවෙ සිදු කළ මේ භයානක අපරාධයට පළිගන්නවා ඇති,” යැයි ඉරාන ජනාධිපති හසන් රෞහානි ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

“ඇමරිකානු හිරිහැරවලට එරෙහි වීමට ඉරානය ඇතුළු අනෙක් නිදහස් ජාතීන් තුළ ඇති අධිෂ්ඨානය ජෙනරාල්වරයාගේ මරණයත් සමඟ දෙගුණ වුණා,” එම ප්‍රකාශයේ තවදුරටත් සඳහන් විය.

කවුද මේ කාසෙම් සොලෙයිමානි?

කොඩ්ස් බලකාය යනු විදෙස් රටවල රහසිගත මෙහෙයුම් ක්‍රියාත්මක කරන ඉරාන විප්ලවීය හමුදාවේ විශේෂ අංශයකි. 1998 වර්ෂයේ සිට එය මෙහෙයවූයේ මේජර් ජෙනරල් කාසෙම් සොලෙයිමානි ය.

කොඩ්ස් බලකාය සිරියානු ගැටුම්වලට ද සම්බන්ධ වී ඇති අතර, ජනාධිපති බශාර් අල්- අසාද්ට පක්ෂපාතී හමුදාවලට උපදෙස් දී තිබේ. එමෙන්ම, ඔවුන් සමඟ එක්ව සටන් කරන දහස් ගණනක් ෂියා මුස්ලිම්වරුන්ට අවි ලබා දීමට ද ක්‍රියා කර ඇත. එමෙන්ම, ඉරාකය තුළ ද ෂියා මුස්ලිම් බහුතරය සිටින සටන්කරුවන්ට IS සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආධාර ද ලබා දී තිබිණි.

කලෙක ‘තපස් රැකි’ ජෙනරාල් කාසෙම් සොලෙයිමානි මෙම ගැටුම් හේතුවෙන් ඉරානයේ කීර්තිමත් පුද්ගලයෙකු බවට පත් විණි.

ලෙබනනයේ හෙස්බොල්ලා සහ පලස්තීනයේ ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය ඇතුළු ඇමරිකාව විසින් මැදපෙරදිග ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම්කරනු ලැබ ඇති කණ්ඩායම්වලට මුදල්, පුහුණුව, අවි ආයුධ ලබා දීමේ “ඉරානයේ වර්ධනය කරන සහ ආධාර දෙන මූලික යාන්ත්‍රණය” කොඩ්ස් බලකාය බව ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන තන්ත්‍රය චෝදනා කරයි.

ඉරානයේ විප්ලවීය හමුදාව සහ කොඩ්ස් බලකාය විදෙස් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පසුගිය අප්‍රේල් මස ක්‍රියා කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්