29 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව විදෙස් පුවත් ඉරානයට එරෙහිව ඇමරිකාවේ සහයට බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය

අමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානියා මියයෑමෙන් පසු උද්ගතවී ඇති තත්ත්වය හමුවේ ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සහාය අමෙරිකාවට හිමිවන බව මේ වනවිට ප්‍රකාශයට පත්වී තිබේ.

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් යන මහත්වරුන් සමඟ දුරකථන සංවාද පවත්වා තිබේ.

හමුදා ප්‍රධානියා මියයෑම සම්බන්ධයෙන් ඉරානය පළිගැනීමට උත්සාහ කළහොත් දැනට පවතින අස්ථාවර තත්ත්වය තවදුරටත් තීව්‍ර විය හැකි බව ප්‍රංශ ජනපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

ඉරානය සංවරව ක්‍රියාකළ යුතු බවත් ඔහු අවධාරණය කර තිබේ.

අමෙරිකානු ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා ප්‍රධානියා දහස් ගණන් අහිංසක සිවිල් ජනතාවගේ සහ බටහිර පුද්ගලයින්ගේ මරණවලට නායකත්වය දුන් ක්‍රියාවල නිතර වූ බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්