29 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව විදෙස් පුවත් ඇමරිකානු දරුවන්ගේ ජීවිත අවසන් කරනවා

සිය පියාව ඝාතනය කිරීමට කටයුතු කළ අමෙරිකානුවන් ගෙන් පළිගත යුතු බව ඉරාකයේ බැග්ඩෑග් අගනුවරදී ජිවිතක්ෂයට පත්වූ ජනරාල් කාසිම් සුලෙයිමාන්ගේ දියණිය ප්‍රකාශ කර සිටි. ඇය මේ බව කියා සිටියා මියගිය සිය පියාගේ දේහයට ගෞරව දැක්වීමට ඒකරාශී වී සිටින ලක්ෂ සංඛ්‍යාත ඉරාන ජාතිකයින් අමතමින්ය.

” මැදපෙරදිග සිටින අමෙරිකානු සොල්දාදුවන්ගේ මරණය ඔවුන්ගේ දෙමව්පියන් බලාපොරොත්තුවෙන් සිටින්න. අදුරු පරිච්ජෙදයක ඇරඹුම අමෙරිකාවට උදා වෙමින් තිබෙනවා. මාගේ පියාගේ මරණයත් සමග සියල්ල අවසන් කියා නොසිතන්නයි” ඇය මෙහිදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කරමින් ප්‍රකාශ කර සිටියාය.

මේ අවස්ථාවේදී ජනරාල් කාසිම් සුලෙයිමාන්ගේ අවමංගල්‍ය උත්සවය සඳහා ඉරානයේ අගනුවර වන ටෙහෙරානයට රැස්ව සිටින ලක්ෂ සංඛ්‍යාත වැසියන් ප්‍රීති ඝෝෂා නගමින් ඇගේ ප්‍රකාශයට සහය දැක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

සිය හමුදා ප්‍රධානියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලී කමේනි එක්ව සිටියා. ඔහු ජිවිතක්ෂයට පත්වූ හමුදා ජනරාල්වරයාගේ සිරුර අසලටවී හඩමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ඉරාන හමුදා ප්‍රධානියා ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරය සමග ඇතිවන ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සිය ආරක්ෂක මණ්ඩලය වහා රැස්කරන්නැයි නියෝග කර තිබේ. ඒ ඉරාන හමුදා ප්‍රධානියාට අමෙරිකාව විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරය බ්‍රිතාන්‍ය විසින් සාධාරණිය කරණය කිරීම හේතුවෙන් තම රටට සහ මැදපෙරදිග ස්ථානගත කර සිටින සිය හමුදාවන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ජා කොට ඉදිරි පියවර ගැනීමේ අරමුණින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්