31 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව ආර්ථික පසුගිය වසරේ සුරාබදු දඩ ආදායම මිලියන 1800 ඉක්මවයි

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව 2019 වසර තුළ දිවයින පුරා සිදු කළ 47,415 ක් වු සුරාබදු වැටලීම්වලින් සුරාබදු දඩ ආදායම රුපියල් මිලියන 1800.76 ක් අය කර ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සුරාබදු වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 43,128 ක් අත්අඩංගුවට ගත් බවද එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔවුන් අතරින් 4252 ක් කාන්තාවන් වෙයි.

2019 වසර තුළ දී මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිතව ග්‍රහණය කල වැරදි සංඛ්‍යාව 3675 ක් වෙයි.

මෙම සියලු ග්‍රහණයන් අතරින් වැඩිම ප්‍රමාණයක් මහජනතාව විසින් ලබා දෙන ලද පැමිණිලි හා තොරතුරු මත සිදු කර ඇතැයි ද සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.

2019 වර්ෂය අවසානයේ දී සුරාබදු දෙපාර්තමේන්තුව දිවයින පුරා පිහිටි සුරාබදු ස්ථාන 57 ක් හා විශේෂ මෙහෙයුම් ඒකක 5 ක් මඟින් සිදු කරන ලද ග්‍රහණවලින් සුරා හා මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ 47,415 ග්‍රහණය කර ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මඟින් රුපියල් මිලියන 180.400 ක් දඩ මුදල් ලෙස අය කර ගෙන ඇත.

එහිදී සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශය මඟින් අත්අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි 110 ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 110 ද සමඟ අත්අඩංගුවට ගත් ද්‍රව්‍යවල මුළු වටිනාකම ඒ අනුව රුපියල් මිලියන 1800 ඉක්මවනු ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්