29 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව ආර්ථික මහ බැංකුවට ලබන වසරේ නව බැංකු පනතක්

ශ්‍රි ලංකා මහ බැංකුව නව බැංකු පනතක් හඳුන්වාදීමට තීරණය කර ඇති බව මහබැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාල බැංකු පනත කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇති අතර එම නව පනත ලබන වසරේදී බලාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

ශ්‍රි ලංකා මහ බැංකුව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙර දැක්මේ 13 වන ප්‍රකාශය ඉදිරිපත් කරමින් මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර මෙම වසර තුලදී මූල්‍ය ගණුදෙනු වාර්තා කිරීමේ පනතට, මුදල් විශූද්ධිකරණය වැළැක්වීමේ පනතට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනතට තවදුරටත් සංශෝධන හදුන්වාදීමට නියමිතව තිබේ.

එසේම අවසාන ප්‍රතිලාබ හිමිකාරීත්වයට අදාළව සමාගම් පනත සංශෝධය කිරීමටද සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

මෙම වසර තුළදී ශ්‍රි ලංකා මහ බැංකුවේ 70 වන සංවත්සරය සැමරිම සඳහා රුපියල් 20ක වටිනාකමින් යුත් සමරු කාසියක් සහ දැනට පවතින රුපියල් 2000සේ මුදල් නෝට්ටුව වෙනුවට නව මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් මහතා සඳහන් කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්