29 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව ක්‍රීඩා හතුරුසිංහ ජීනීවාහි ලෝක අධිකරණයේ ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩුවක් දමයි

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ කොන්ත‍්‍රාත් කාලය අවසන් වීමට පෙර ඔහුව ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔහු නඩු මගට යෑමට තීරණය කර තිබේ.

ඒ අනුව හතුරුසිංහ විසින් ඉදිරිපත් කරන ඕනෑම චෝදනාවකට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිළිතුරු සැපයීමට සැදී පැහැදි සිටින බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානියකු පැවසීය.

චන්දික හතුරුසිංහගේ කොන්ත‍්‍රාත් කාලය මෙම 2020 වසරේ දෙසැම්බර් මස අවසන් වීමට නියමිතව තිබුණද ඊට මාස 18 කට පෙර ඔහුව අදාළ තනතුරෙන් ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සහ එවකට සිටි ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා තීරණය කළේය. ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 70 කට ආසන්න මුදල් ඔහුට මාසිකව වැටුප් වශයෙන් ගෙව්වද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පරාජයන් වැල සැලකිල්ලට ගනිමින් ඔහුව ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තීරණය කළේය.

‘‘හතුරුසිංහ අපි එක පාරටම ඉවත් කළේ නැහැ. ඔහුට ගෙවන වැටුපට හරියන සේවයක් වෙන්නෙ නැතිනම් ඒක රටේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව හොඳ නැහැ. ඒ නිසා අපි ඔහුව වෙනත් අංශයකට ඒ මුදලටම යොමු කරන්න උත්සහ කළා. ඔහු ජාතික කණ්ඩායම හැර වෙනත් දෙයක් භාර ගන්න සූදානම් වුණේ නැහැ. ඒ නිසා අපි කිහිප වරක්ම ලිපි මාර්ගයෙන් සහ සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්නය විසඳාගන්න උත්සහා කළා. ඒත් ඔහු කිසිදෙයකට ප‍්‍රතිචාර දැක්වූයේ නැහැ. දැන් හතුරුසිංහට ගෙවපු ගාණින් අපිට සම්පූර්ණ ජාතික කණ්ඩායමේ ප‍්‍රධාන පුුහුණුකරුවන් දෙතුන් දෙනාටම වැටුප් ගෙවන්න පුළුවන්.’’ යැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානියකු පවසයි.

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව චන්දික හතුරුසිංහ ඉවත් කළද එතැන් සිට ඔහුට ඉකුත් ඔක්තෝම්බර් මස දක්වා වැඩ නොකළද රුපියල් මිලියන 7 බැගින් වැටුප් ගෙවා ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානියකු පැවසීය. එසේ තිබියදී හතුරුසිංහ විසින් ඇ.ඩො. මිලියන 5ක වන්දියක් ඉල්ලා නීතිඥයන් මාර්ගයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙත ලිපියක් යොමු කර තිබේ. කෙසේ වෙතත් මෙම නඩුව ස්විට්සර්ලන්තයේ ජීනීවාහිදී ලෝක අධිකරණයකදී පැවැත්වේ. එහිදී හතුරුසිංහ වන්දි ඉල්ලීමේ ප‍්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත්තේ ඔහුගේ කීර්තිනාමයට හානිවීම සම්බන්ධයෙනි.

කෙසේ වෙතත් හතුරුසිංහ විසින් තමාව සේවයෙන් ඉවත් කරන්නේ නම් ඇ.ඩො. මිලියනයක් ඉල්ලා සිටියද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පවසා ඇත්තේ මාස හයක වැටුප් පමණක් ගෙවිය හැකි බවයි.

හතුරුසිංහ විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වලට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ ගොනු කිරීමට යන නඩුව වෙනුවෙන් ඔහුට විරුද්ධව චෝදනා පත‍්‍රයක්ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නීතිඥයන් විසින් සකස් කර ඇති අතර අදාළ නඩුව වසර කිහිපයක් ඉදිරියට ඇදෙනු ඇතැයිද ඒ සම්බන්ධයෙන් තතු දත් උදවිය මාර්ගයෙන් වාර්තා වේ. කෙසේ වෙතත් මේ වන විට හතුරුසිංහ ඔස්ටේ‍්‍රලියාවේ පදිංචියට ගොස් තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්