31 C
Colombo
Saturday, September 26, 2020
මුල් පිටුව දේශපාලන බැඳුම්කර හොරුන් හා පාස්කු ප්‍රහාරයේ හවුල්කරුවන් ආරක්ෂා කිරීමෙන් ආණ්ඩුවේ නිරුවත හෙළි වුණා

හැටනව ලක්ෂයක ජනවරම තවදුරටත් විහිළුවට ලක්කරමින් විගඩම් නොපෙන්වා ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමේ ප්‍රමුඛ කාර්යයට ආණ්ඩුව අතගැසිය යුතු බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.

පාලකයන් රටේ දැවෙන ප්‍රශ්න මෙන්ම ප්‍රමුඛතම කාර්ය කුමක්ද යන්න හොඳින්ම දන්නා බැවින් එය නැවත විග්‍රහ කිරීම අවශ්‍ය නොවන බව ඒ මහතා ‘මව්බිම’ට පැවැසීය.

යහපාලන ආණ්ඩුව ඇවිත් ලෝකෙ තියෙන හොඳම ‘ජෝක්’ ආණ්ඩුව බවට පත්වී එහි හොඳම විහිළුකාරයන් බවට රනිල් – මෛත්‍රි පත් වූවා සේම එම ආණ්ඩුවටත් වඩා ඉක්මනින් වත්මන් ආණ්ඩුව ඉතා කෙටි කාලයක් තුළ හොඳම ‘ජෝක්’ සැපයීමේ වාර්තාව තැබූ බවය.

විශේෂයෙන්ම අත්අඩංගුවට ගැනීම් පිළිබඳව විමසා බැලූ විට මුලින්ම කළ යුතු වන්නේ බැඳුම්කර හොරුන් හා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු හවුල්කරුවන්ට දඬුවම් පැමිණවීම වුවත් චම්පික, රාජිත, රන්ජන් වැනි මන්ත්‍රිවරුන්ගේ සාමාන්‍ය සිදුවීම් පළමුව මතුකොට ආණ්ඩුවේ සැබෑ නිරුවත පෙන්වූ බවට ඔහු චෝදනා කළේය.

එම නිසා ජීවන බරින් මිරිකෙන ජනතාව මෙවැනි විහිළු අනුමත නොකරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මෛත්‍රීගෙන් හා රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සුවිශේෂී කරුණු...

සල්ලි අරන් නඩුව මගහැරිය නීතිඥයාට වසර 7ක් වැඩ තහනම්

නඩුවකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන එම නඩුව වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාවට වරදකරු කළ නීතිඥවරයකුගේ නීතිඥ භාවය වසර හතකට...

රොහාගේ මරණය සැමරු 3ක් අත්අඩංගුවට

රත්මලානේ රොහා“ නමැත්තාගේ මරණය පිළිබඳව සැමරුම් උත්සව පැවැත්වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට ඉහත දී ඝාතනය වූ “කුඩු අංජුගේ“ සහෝදරයා...

ඉතාලියේ පාසැල් සිසුන් 10000ක් නිරෝධායනයට

ඉතාලියේ පාසැල් 400 ක කොවිඩ් ආසාධිත වාර්තා වීම් හේතුවෙන් සිසු සිසුවියන් දස දහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවට තොරතුරු ලැබි...

පාඨක අදහස්