27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව විදෙස් පුවත් සොලෙයිමනීගේ අවමංගල්‍යයට පැමිණි 35 දෙනෙක් තෙරපී මරුට

තුන් දිනක් තිස්සේ ප්‍රකාශයට පත් කර ඇති ශෝක කාලය තුළ ඉරානයේ ඝාතනයට ලක් වූ ජනරාල් ක්වාසම් සොලෙයිමනීගේ අවමංගල්‍ය කටයුතු සඳහා ඇදී ආ මිලියන ගණන් පිරිස අතරින් අද දින අවම වශයෙන් 35 දෙනෙක් මරුමුවට පත්ව තිබේ.

එම මරණ වලට හේතු වී තිබෙන්නේ අවමංගල්‍ය පෙරහැරේ හටගත් අධික තදබදයයි.

ටෙහෙරාන් නුවර ඊයේ දිනවන තෙක් තබාගත් ජනරාල් සොලෙයිමනීගේ දේහය, අද දිනයේ ඔහු හැදී වැඩුණු කර්මන් නගරයට ගෙන ආ අවස්ථාවේදී මෙය සිදුවිය.

ඇතැම් වාර්තාවලට අනුව මරණ සංඛ්‍යාව 40 ඉක්මවයි.

200 කට අධික සංඛ්‍යාවක් පෑගීම හේතුවෙන් තුවාළ ලබා සිටිති.

ජනරාල් සොලෙයිමනීගේ භූමදාන කටයුතු සිදුකිරීමට නියමිත ව තිබෙන්නේ කර්මන් නගරයේ ය. කුඩා නගරයක් වන මෙයට, ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා ඇදී එන මිලියන ගණන් සෙනග දරාගත නොහැකි බව පෙනෙන්නට තිබේ

පසුගිය සිකුරාදා ඇමරිකාව විසින් එල්ල කළ ද්‍රෝණ ප්‍රහාරයෙන් සිදුවූ සොලෙයිමනීගේ මරණයත් සමග ඔහු ‘ප්‍රාණත්‍යාගියෙකු‘ වශයෙන් තවදුරටත් උත්කර්ෂයට නැංවේ. බීබීසී පුවත් සේවයට අනුව, මැදපෙරදිග කලාපයේ බලවත්ම හමුදා ප්‍රධානියා වූ ඔහු, ඉරානය තුළ රොක් තරුවක් තරමට ජනප්‍රිය චරිතයකි. ඔහුව හැඳින්වීමට බීබීසී පුවත් සේවය යොදා තිබූ අන්වර්ථ නාමය වූයේ, ‘රොක් ස්ටාර් ජනරාල්‘ යන්නයි.

පහත දැක්වෙන්නේ ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය වූ රූපරාමු කිහිපයකි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අප්‍රේල් වෙනකම් වෙන්කළ මුදල් වලට රජය මොකද කළේ?

2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව...

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

පාඨක අදහස්