31 C
Colombo
Saturday, September 26, 2020
මුල් පිටුව විදෙස් පුවත් ලෝක බලවතුන්ගේ ඉල්ලීම් නොතකා ඉරානය අමෙරිකාවට පහර දෙයි

ඝාතනයට ලක්වු සිය හමුදා ප්‍රධානියාගේ අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකා ගුවන් කදවුරු දෙකකට ප්‍රහාර එල්ල කර තිබේ.

එහිදී අමෙරිකානු කදවුරු වෙත බ්ලැස්ටික් මිසයිල 10 කට අධික ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉරානයේ ජාතික මාධ්‍ය සදහන් කලේ සිය හමුදා ප්‍රධානියා ඝාතනයට ලක්විමේ සිදුවිමට ප්‍රති ප්‍රහාරයක් ලෙස මෙය සිදුකළ බවයි.

ඉරානය විසින් ඉරාකයේ ඉර්බිල් සහ අල්-අසාද් හි පිහිටි ගුවන් කදවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව පෙන්ටගනය සනාථ කර සිටී.

මෙම ප්‍රහාරයෙන් සිදුවු හානි සම්බන්ධයෙන් මේ දක්වා වාර්තා වි නොමැති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර සිටියේ.

ඇතිවි තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආරක්ෂක උපදේශකයින් සමග සාකච්ජා කරමින් සිටින බව ධවල මන්දිරය සනාථ කර සිටී.

ඒ අනුව ඉරානය, ඉරාකය ගුවන් සීමාවන් වෙත ඇතුළු නොවන්නැයි ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සියළුම අමෙරිකානු ගුවන් සේවාවන් වෙත දැනුම් දී තිබේ.

ඊට අමතරව පර්සියානු සහ ඕමාන මුහුදු කළාපයටද අමෙරිකානු ගුවන් යානා වෙත ඇතුළු නොවන්නැයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය ඇමතිමට පෙර සුදානම්ව සිටියත් පසුව එය අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

“සියල්ල ඉතා හොදින් සිදුවෙනවා. ප්‍රහාරය ගැන හෙට දිනයේදි නිවේදනයක් නිකුත් කරනවා. අපේ හමුදා කදවුරු දෙකක් වෙත ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. මේ වෙනකොට සිදුව ඇති හානී ගැන සොයා බලමින් සිටිනවා. මේ දක්වා සියල්ල යහපත්” සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කර සිටියා.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මෛත්‍රීගෙන් හා රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සුවිශේෂී කරුණු...

සල්ලි අරන් නඩුව මගහැරිය නීතිඥයාට වසර 7ක් වැඩ තහනම්

නඩුවකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන එම නඩුව වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාවට වරදකරු කළ නීතිඥවරයකුගේ නීතිඥ භාවය වසර හතකට...

රොහාගේ මරණය සැමරු 3ක් අත්අඩංගුවට

රත්මලානේ රොහා“ නමැත්තාගේ මරණය පිළිබඳව සැමරුම් උත්සව පැවැත්වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට ඉහත දී ඝාතනය වූ “කුඩු අංජුගේ“ සහෝදරයා...

ඉතාලියේ පාසැල් සිසුන් 10000ක් නිරෝධායනයට

ඉතාලියේ පාසැල් 400 ක කොවිඩ් ආසාධිත වාර්තා වීම් හේතුවෙන් සිසු සිසුවියන් දස දහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවට තොරතුරු ලැබි...

පාඨක අදහස්