32 C
Colombo
Thursday, February 20, 2020
මුල් පිටුව විදෙස් පුවත් ප්‍රහාරයකින් ඇමෙරිකානුවන් තිදෙනෙකු මරුට

කෙන්යාවේ හමුදා කඳවුරකට ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තයන් එල්ල කළ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදා සාමාජිකයෙකු සහ කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

අල්-ෂබාබ් නම් ඉස්ලාමීය සටන් කණ්ඩායම කෙන්යානු සහ එක්සත් ජනපද හමුදා විසින් භාවිත කරන ලද කඳවුරට පහර දුන්නේ ජනප්‍රිය වෙරළබඩ කලාපයක් වන ලැමූහි ප්‍රදේශයේදීය.

එක්සත් ජනපද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ආරක්ෂක හමුදාවේ තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූ ඇමරිකානුවන් මේ වනවිට යහපත් තත්ත්වයෙන් පසුවන බව එක්සත් ජනපද හමුදාවේ අප්‍රිකානු අණදෙන නිලධාරියා පැවසීය.

මැන්ඩා දූපතේ පිහිටි සිම්බා කඳවුරෙන් වෙඩි හඬ ඇසුණ බවත් කළු දුමාරයක් පිටවූ බවත් ප්‍රහාරයේ ඇසින් දුටු සාක්ෂිකරුවන් පැවසීය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජිනීවා යෝජනාවෙන් ඉවත් වූ බව පැවසීම දේශපාලන වාසි ගන්න කරන ව්‍යාජ ප්‍රචාරයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කෙරුණු යෝජනාවකින් ඉවත් වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට හැකියාවක් නොමැති බවත් එසේ ඉවත් වන බවට ඔවුන් කරන...

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා සංචිතයෙන් දනුෂ්ක ඉවතට.. තිසර ඇතුළට

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය ඊයේ...

යකඩ පොලු වලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කළ 6කට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයක් සිදු කොට තවත් අයෙකුට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව සම්බන්ධයෙන් දකුණු පළාත් බද පූර්වගාමි...

‘ආතල්’ ගන්න ගිය හමුදා ලොක්කාගේ පුතා අධිතාක්‍ෂණික නෞකාව හප්පා විනාශ කරයි

ත්‍රිකුණාමලය වරායට පිවිසෙන නෞකාවලට මග පෙන්වීම සදහා නියෝජ්‍ය වරාය යාත්‍රාපති (Deputy Harbour Master) පරිහරණය සදහා තිබු නියමු යාත්‍රාව (Pilot Boat) යාත්‍රා පදවන්නා...

පාඨක අදහස්