31 C
Colombo
Sunday, May 31, 2020
මුල් පිටුව ක්‍රීඩා පරාජයට හේතුව කුමක්ද?

පරාජයට හේතුව කුමක්ද?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (7දා) පැවැති දෙවැනි තරගයෙන් කඩුලු 7ක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලිය පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුනද තරග 1-0ක් ලෙසින් ඉන්දියාව ඉදිරියෙන් පසුවෙයි.

එහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල රැස්කරගත් 142ට පිළිතුරු සැපැයූ ඉන්දියාව පන්දුවාර 17.3කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 144ක් ලබා මෙම තරගය ජය ලැබීය.

ඒ අනුව ලකුණු 143ක පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරු යුගලය වූ ශිකර් ධවාන් සහ ලෝකේෂ් රාහුල් ශ්‍රී ලංකාවේ දුර්වල පන්දු රැකීමද හේතුකොටගෙන වේගවත් ලකුණු 71ක ආරම්භක සම්බන්ධතාවක් ගොඩනැඟීම කැපී පෙනිණි. ඉන්දීය පළමු කඩුල්ල ලෙස ලකුණු 45ක් ලබා සිටි රාහුල් වනිඳු හසරංගගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර ශිකර් ධවාන්ද වනිඳුගේම පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු 32කට පිටියෙන් ඉවත් විය. ශේ‍රයාස් අයියර් ලකුණු 34කට දැවී ගියේය. විරාත් කෝලි නොදැවී ලකුණු 30ක් ලබාගෙන ඉන්දියාව ජයග්‍රහණය කරා මෙහෙයැවීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 2ක් සහ ළහිරු කුමාර එක් කඩුල්ලක් දවා ගත්තේය.

ඉන්දෝර්හි හෝල්කාර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක විරාත් කෝලි පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය. ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු සහ ධනුෂ්ක ගුණතිලකගේ ආරම්භක සම්බන්ධතාව ලකුණු 38කට සීමා කරමින් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 22කට දැවී ගියේය.

ලකුණු 20ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ල ලෙසත් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 10කට 3 වැනි කඩුල්ල ලෙසත් දැවී ගිය අතර කුසල් ජනිත් පෙරේරා කුල්දීප් යාදේව්ගේ පන්දුවකට ශිකර් ධවාන් අතට උඩපන්දුවක් ලබා දෙමින් ලකුණු 34කට දැවී ගියේ 4 වැනි කඩුල්ල ලෙසිනි. භානුක රාජපක්ෂට රැස්කරගත හැකි වූයේ ලකුණු 9ක් පමණි. ජස්ප්‍රිත් බුම්රා හමුවේ දසුන් ශානක ලකුණු 7කට දැවී ගියේ ශ්‍රී ලංකාව තවත් පීඩනයට නතු කරමිනි. ධනංජය ද සිල්වා ලකුණු 17කට දැවී ගියේ ශ්‍රී ලංකා පිලේ 7 වැනි කඩුල්ල ලෙසිනි. ඉසුරු උදානට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණි. වනිඳු හසරංග නොදැවී ලකුණු 16ක් ලබා ගත්තේය. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 142ක් පමණි. ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී ශාදුල් ඨාකූර් කඩුලු 3ක් දවා ගත් අතර නව්දීප් සයිනි සහ කුල්දීප් යාදේව් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඉන්දීය ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම

ධනුෂ්ක ගුණතිලක ප. සයිනි 20

අවිශ්ක ප්‍රනාන්දු ඇ. සයිනි ප. සුන්දර් 22

කුසල් ජනිත් පෙරේරා ඇ. ධවාන් ප. යාදේව් 34

ඕෂධ ප්‍රනාන්දු ස්ටම්ප්. පාන්ට් ප. යාදේව් 10

භානුක රාජපක්ෂ ඇ. පාන්ට් ප. සයිනි 9

දසුන් ශානක ප. බුම්රා 7

ධනංජය ද සිල්වා ඇ. ඩියුබ් ප. ඨාකූර් 17

වනිඳු හසරංග නොදැවී 16

ඉසුරු උදාන ඇ. සයිනි ප. ඨාකූර් 1

ලසිත් මාලිංග ඇ. යදාව් ප. ඨාකූර් 0

ළහිරු කුමාර නොදැවී 0

අතිරේක 6

මුළු ලකුණු (පන්දුවාර 20කදී කඩුලු 9කට) 142

කඩුලු වැටීම _ 1-38, 2-54, 3-82, 4-97,

5-104, 6-117, 7-128, 8-130, 9-130.

ඉන්දියා පන්දු යැවීම

ශාදුල් ඨාකූර් 4-0-23-3,

නව්දීප් සයිනි 4-0-18-2, කුල්දීප් යාදේව් 4-0-38-2

ඉන්දියා ඉනිම

ශිකර් ධවාන් ක.මු.ක වනිඳු 32

ලෝකේෂ් රාහුල් ප. වනිඳු 45

ශේ‍රයාස් අයියර් ඇ. ශානක ප. කුමාර 34

විරාත් කෝලි නොදැවී 30

රිෂාබ් පාන්ට් නොදැවී 1

අතිරේක 2

මුළු ලකුණු (පන්දුවාර 17.3කදී කඩුලු 3කට) 144

කඩුලු වැටීම _ 1-71, 2-86, 3-137.

ශ්‍රී ලංකා පන්දු යැවීම

වනිඳු හසරංග 4-0-30-2,

ළහිරු කුමාර 3.3-0-30-1

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ඇමරිකාව යුද පිටියක් වෙයි.. ප්‍රාන්ත 16කට ඇඳිරි නීතිය පනවයි

අමෙරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ ප්‍රධාන නගරයෙක් වන මිනියාපොලිස් නගරයේදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු ඉතා අමානුෂීය ලෙස ඝාතනය කිරිමේ සිද්ධියක් මුල්...

තොණ්ඩමාන් පවුල හමුවේ ජනපති නිවටයෙක් වෙයි.. කොරෝනා නීති උල්ලංඝණයට අවසර දීම ගැන වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධය

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පාර්ශ්වයේ පුද්ගලයෙකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට දුරකථනයෙන් අමතා බලපෑම් එල්ල කොට...

නිරෝධායනය නොවී අවමගුලට යන්න තොණ්ඩමාන්ගේ දියණියට ජනපතිගෙන් විශේෂ අවසරයක්

අභාවප්‍රාප්ත වතු කම්කරු කොංග්‍රසයේ නායක ඇමැති ආරුමුගම් තොණ්ඩාමන් මහතාගේ වැඩිමහල් දියණියට සිය පියාගේ දේහය දැක බලාගෙන ඊට අවසන් ගෞරව දැක්වීමට නිරෝධායන නීති...

ඉන්දියානුවන් 700ක් රැගෙන යාමට ජලශ්වා නෞකාව දිවයිනට

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් රැගෙන යාම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් අද (31) කොළඹ වරායට...

පාඨක අදහස්