34 C
Colombo
Thursday, January 23, 2020
මුල් පිටුව විදෙස් පුවත් තුන්වන ලෝක යුද්ධයක් ඇතිවේද? නැද්ද? යන පැනයට ට්‍රම්ප් පිළිතුරු දෙයි

ඉරාකයේ පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරු වෙත ඉරානය එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරවලින් කිසිදු ඇමෙරිකානුවෙකුගේ ජීවිතයට හානියක් සිදුව නොමැති බවත්, ඉන් සිදුව ඇත්තේ ඉතා සුළු හානියක් පමණක් බවත් එක්සත් ජනපද ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසයි.

ඉරානයේ මිසයිල ප්‍රහාර සම්බන්ධයෙන් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමෙරිකානු නායකයා ඊයේ (8දා) මෙසේ පවසා සිටියේය.

එක්සත් ජනපදය වහාම ඉරානයට අතිරේක මූල්‍ය හා ආර්ථික සම්බාධක පනවන බවත් පවසා සිටි ට්‍රම්ප්, ඔවුන්ගේ හැසිරීමේ වෙනසක් සිදුවන තුරු ඒවා පවතිනු ඇති බවත් කියා සිටියේය.

නමුත් මීට පෙර එක්සත් ජනපද ජනාධිපතිවරු මෙවැනි අවස්ථාවක ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගන්නා බවට තර්ජනයක් කළත්, මෙම අවස්ථාවේදී ට්‍රම්ප් එවැනි තර්ජනයක් නොකිරීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් 2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අත්හරින ලෙස ට්‍රම්ප් යුරෝපා රාජ්‍යයන්ගෙන්, රුසියාවෙන් සහ චීනයෙන් ඉල්ලා සිටියේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීමෙන් පැහැදිලි වන්නේ ඔහු තුන්වන ලෝක යුද්ධයක් කරා මෙම සිදුවීම ගෙනයාමට සූදානම් නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඉදිරියේදී ඇමරිකානු ජනාධිපතිවරණයද පැවැත්වීමට සිදුවන අතර යුද්ධයකට රට ගෙනයාම තමාගේ පරාජයට හේතුවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ද අවබෝධ කරගෙන ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එසේම ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වැඩිදුරටත් ඊයේ පවසා සිටියේ ඉරානය තමන් සතු විභවයෙන් උපරිම ප්‍රයෝජන ගෙන රට සමෘද්ධිමත් කිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බැඳුම්කර වලින් මහින්ද හා කබ්රාල් රු. කෝටි 1047ක් වංචා කර ඇති බව හෙළිවෙයි

ඊයේ (22) සභාගත කෙරුණු බැඳුකර නිකුතු පිළිබඳ වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වන පරිදි 2005 - 2015 කාලසීමාව තුළ මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී...

කළුතර නගරයේ පදික වෙළඳුන්ට විකල්ප තැනක් නොදී එළවා දමයි

කළුතර නගරයේ පදික වෙළෙඳාම් නිරත පුද්ගලයින්ට වෙළඳාම් සඳහා වෙනත් ස්ථානයක් ලබා නොදෙමින් ඔවුන්ව එළවා දැමීමට වත්මන් රජය පියවර ගෙන ඇත.

බඩේ අමාරුවක් හැදී මාතර රෝහලට ඇතුලත්වූ පිරිමියෙකුට දරුවෙක් ලැබිලා

දැඩි උදරයේ වේදනාවක් බව පවසමින් 22 දින අලුයම මාතර මහ රෝහලට ඇතුලත්වූ තරුණයකුට දරුවෙක් ලැබීමේ පුවතක් මාතර මහ රෝහලින් වාර්තා වේ. රෝහල්...

වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනකුට සිතාසි

කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු...

පාඨක අදහස්