31 C
Colombo
Saturday, September 26, 2020
මුල් පිටුව උණුසුම් පුවත් රුපියල් දහ දාහක් අල්ලස් ගත් පොලිස් නිලධාරීන් වසර 28ක් හිරේට

රුපියල් 10,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා බරපතළ වැඩ සහිත වසර 28 ක සිරදඬුවම් නියම කළේය.

සිර දඬුවමට අමතරව රුපියල් විත්තිකරුවන්ට විසි දහස බැගින් දඩ නියම කළේය.

2009 වසරේ අරලගංවිල පොලීසියේ සේවය කළ අවස්ථාවේදී නීති විරෝධී ලෙස ගෝන මස් ළඟ තබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවකුට එරෙහිව නීති මගින් කටයුතු නොකිරීම සඳහා විත්තිකරුවන් රුපියල් 10,000 ක මුදලක් ඉල්ලා තිබේ.

එම මුදල අල්ලස් වශයෙන් ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් එම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගත් අතර පසුව එම කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මෛත්‍රීගෙන් හා රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සුවිශේෂී කරුණු...

සල්ලි අරන් නඩුව මගහැරිය නීතිඥයාට වසර 7ක් වැඩ තහනම්

නඩුවකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන එම නඩුව වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාවට වරදකරු කළ නීතිඥවරයකුගේ නීතිඥ භාවය වසර හතකට...

රොහාගේ මරණය සැමරු 3ක් අත්අඩංගුවට

රත්මලානේ රොහා“ නමැත්තාගේ මරණය පිළිබඳව සැමරුම් උත්සව පැවැත්වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට ඉහත දී ඝාතනය වූ “කුඩු අංජුගේ“ සහෝදරයා...

ඉතාලියේ පාසැල් සිසුන් 10000ක් නිරෝධායනයට

ඉතාලියේ පාසැල් 400 ක කොවිඩ් ආසාධිත වාර්තා වීම් හේතුවෙන් සිසු සිසුවියන් දස දහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවට තොරතුරු ලැබි...

පාඨක අදහස්