31 C
Colombo
Saturday, September 26, 2020
මුල් පිටුව උණුසුම් පුවත් පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනය තහනම් කිරීමේ සූදානමක්

ආන්දෝලනයකට ලක්ව ඇති “හතේ අපේ පොත” නැමැති ග්‍රන්ථය පාසල් සිසුන්ට ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ලබන ජනවාරි 21 වෙනිදා විශේෂ රැස්වීමක් කැඳවීමට පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර තිබේ.

එම රැස්වීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කැඳවීමට පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභව තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව “හතේ අපේ පොත” නැමති ග්‍රන්ථය නැවත පාසල්වලට නිකුත් කළ යුතු ද යන්න සම්බන්ධ අවසන් තීරණය ලබන 21 වෙනිදා ගැනීමට නියමිතයි.

මෙම ග්‍රන්ථය සම්බන්ධව විවේචන එල්ල කළ පුජ්‍ය පක්ෂයටද අදාළ රැස්වීම සඳහා ආරාධනා කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළේය.

පාසල් සිසුන්ට ඔසප් චක්‍රය ඇතුළු නව යොවුන් වියේ සිදුවන ශාරීරික වෙනස්කම් පිළිබඳව උගන්වන මෙම ග්‍රන්ථය බොහෝ දුරට තහනම් වීමේ ඉඩකඩක් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මෛත්‍රීගෙන් හා රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සුවිශේෂී කරුණු...

සල්ලි අරන් නඩුව මගහැරිය නීතිඥයාට වසර 7ක් වැඩ තහනම්

නඩුවකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන එම නඩුව වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාවට වරදකරු කළ නීතිඥවරයකුගේ නීතිඥ භාවය වසර හතකට...

රොහාගේ මරණය සැමරු 3ක් අත්අඩංගුවට

රත්මලානේ රොහා“ නමැත්තාගේ මරණය පිළිබඳව සැමරුම් උත්සව පැවැත්වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට ඉහත දී ඝාතනය වූ “කුඩු අංජුගේ“ සහෝදරයා...

ඉතාලියේ පාසැල් සිසුන් 10000ක් නිරෝධායනයට

ඉතාලියේ පාසැල් 400 ක කොවිඩ් ආසාධිත වාර්තා වීම් හේතුවෙන් සිසු සිසුවියන් දස දහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවට තොරතුරු ලැබි...

පාඨක අදහස්