31 C
Colombo
Saturday, March 28, 2020
මුල් පිටුව විදෙස් පුවත් මගීන් 176ක් ජීවිතක්‍ෂයට පත්වූ යුක්රේන ගුවන් යානයට පහරදුන් බව ඉරානය පිළිගනී

මගීන් 176 දෙනෙක් රැගත් යුක්‍රේන සමාගමට අයත් මගී ගුවන් යානය විනාශයට පත්වුයේ සිය හමුදාවන් විසින් නොදැනුවත්ව එල්ල කරනු ලැබු ප්‍රහාරයක් හේතුවෙන් ම බව ඉරානය සදහන් කරයි.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ඉරාන බලධාරින් සදහන් කරන්නේ මිනිස් අත්වැරද්දක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කදවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කිරිමෙන් පැය කිහිපයකට පසුව යුක්‍රේන ගුවන් සමාගමට අයත් මෙම ගුවන් යානය අනතුරට ලක්විය.

මෙම ගුවන් අනතුර මිසයිල ප්‍රහාරයක් නිසා සිදුවුවක් බවට අමෙරිකාව සහ කැනඩාව බුද්ධි තොරතුරු පදනම් කර ගනිමින් ප්‍රකාශ කර සිටියත් පසුගිය දින කිහිපය පුරාවට ඉරානය එම චෝදනාවන් ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.

ඉරානයේ ටෙහෙරාන් ගුවන් තොටුපළින් ගුවන් ගතවූ එම යුක්රේනියා බොයින් 737 මගී යානාව කඩා වැටීමෙන් එහි ගමන් කළ මගීන් 176 දෙනා ජීවිතක්ෂයට පත්වූ අතර ඉරාන සිවිල් ගුවන් සේවා බලධාරීන් පැවසුවේ යානාව ගුවන්ගත වී විනාඩි 8 කට පසු ප‍්‍රනැන්ඞ් නගරය අසලදී කඩාවැටුණු බවයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මාරවිල පුද්ගලයෙක් ශ්‍රී ලංකා‍වේ පළමු කොරෝනා මරණීය ගොදුර බවට පත්වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද වාර්තා වුණි. මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග...

වේගයෙන්ම කොරෝනා වැළදී ඇත්දැයි සෙවිය හැකි යන්ත්‍රය ඇමරිකාව නිපදවයි

නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 පිළිබඳ පරීක්ෂාව විනාඩි පහක් වැනි කෙටි කලකදී සිදුකිරීමේ හැකියාව ඇති උපාංගයක් නිපදවන්නට එක්සත් ජනපදයේ ඇබොට් ලැබෝරටොරීස් (Abbot...

ජනතාව පාරවල් පුරා.. කැපකිරීම් වතුරේ

කොරෝනා (කොවිඩ්-19) වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට සෞඛ්‍ය බලධාරීන් දුන් උපදෙස් නොතකමින් ජනතාව ඊයේ (27දා) පෙරවරුවේ මහමඟට පැමිණ ගමන් බිමන් යෑමට පටන් ගැනීම නිසා...

කොරෝනා වලින් මියයාමේ වැඩි සම්භාවිතාවක් ඇති නිසා වැඩිහිටියන්ට උපදෙස් මාලාවක්

Covid-19 වෛරසයේ ව්‍යාප්තිය සමග වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමය විසින් නිකුත් කර තිබේ. එහි...

පාඨක අදහස්