31 C
Colombo
Saturday, April 4, 2020
මුල් පිටුව උණුසුම් පුවත් විශේෂ අවධානය දෙන මුවාවෙන් අමතර කාලයක් පන්තියේ රඳවාගෙන අතවරකොට රු. 20 කුත්...

දුර්වල ළමුන්ට විශේෂ අවධානය දෙන මුවාවෙන් අමතර කාලයක් පන්තියේ රඳවාගෙන ලිංගික අපයෝජනයට ලක්කල උපකාරක පන්ති ගුරුවරයකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇත.

රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ එම්. නවුසාඩ් නමැති 37 හැවිරිදි විවාහකයෙකි.

මොහු උපාධිධාරී ගුරුවරයකු ලෙස පෙනී සිටිමින් හපුගස්‌තලාව ප්‍රදේශයේ උපකාරක පංතියක්‌ පවත්වාගෙන යමින් ගණිතය හා ඉංග්‍රීසි උගන්වා තිබේ.

මෙම පුද්ගලයා විසින් පවත්වාගෙන යන උපකාරක පංතියේ දරුවන් කීප දෙනෙකු මොහු වරින වර අපයොජනය කර ඇති බව වාර්තාවේ.

පසුගිය දිනක 6 වැනි පංතියේ ඉගෙනුම ලබන අවුරුදු 11 ක පිරිමි දරුවකු මෙසේ අතවරයට ලක් කිරීමත් සමඟ සිද්ධිය අනාවරණය වී ඇත.

මෙහු පන්තිය පැය 2 ක් පැවැත්විය යුතු වුවත් විනාඩි 15 ක්‌ පමණ කලින් පංතිය නවත්වා ළමුන් පිටත් කර හැර විෂයට දුර්වල යැයි කියා තබාගත් සිසුවකුට මෙසේ අතවර කර ඇත.

අතරවරය කරන අතරතුර අසවල් ළමයටත් මම මෙහෙම කළා එයා කාටවත් කීවේ නෑ ඔයත් කාටවත් කියන්න එපා කියා අතරවරයට පත් සිසුවාට රුපියල් 20 ක්‌ ද දී ඇති බව සිසුවා පොලිසියට පවසා ඇත.

ගම්පොල හපුගස්‌තලාව ප්‍රදේශයේ දිනෙන් දින පිරිමි දරුවන් අපචාරයට ලක්වීම වැඩි වෙමින් පවතින අතර මෙම උපකාරක පන්ති ගුරුවරයා මෙසේ වාර්තාවන 4 වැනි ළමා අපචාරයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නාවලපිටිය මහෙස්‌ත්‍රාත් ශ්‍රිනිත් විඡේසේකර මහතා නියෝග කර ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අවම පහසුකම්වත් නොදීම නිසා හෙදියන් සේවයෙන් ඉවත් වේ.. සෞඛ්‍ය ඇමති පවිත්‍රා නිදිද.?

සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවති සාකච්ඡුාවල දී කරන ලද ඉල්ලීම් පිළිබදව යහපත් ප‍්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්, තමන් වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ගැනීමට අදහස් කර තිබෙන බව,...

ඩයලොග් හා ටෙලිකොම් පාරිභෝගිකයන් රවටා මුදල් කොල්ලකන හැටි

ශ්‍රී ලංකා ටෙලිකොම් අන්තර්ජාල සම්බන්ධතා භාවිතා කරන්නන්ව දිවා කාලයේ වැඩි ඩේටා ප්‍රමාණයක් පාවිච්චි කිරීමට පෙළඹවීමේ අරමුණින් එම ආයතනය දියත් කරනු ලබන වංචාසහගත...

ඉතාලියේ සහ ඇමරිකාවේ ලාංකිකයන් කියන කතා

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා රෝගය කෙටි කාලයක් තුළ මුළු ලොවම සිය අණසකට යටත් කර ගැනීමට සමත් විය. චීනයේ වූහාන් පළාතින් ආරම්භ...

මුඩුක්කුවක කොරෝනා මරණය සමග රටම තැති ගනී

ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාසවලින් කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණයක් වාර්තා වීමත් සමග, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරු අනතුරු ඇඟවූයේ "වේගවත් ආක්‍රමණයකට" මුහුණ දීමට රට...

පාඨක අදහස්