33.1 C
Colombo
Thursday, February 20, 2020
මුල් පිටුව උණුසුම් පුවත් දුමින්ද නිදහස් කරන ලෙස ඉල්ලා හිරු නාලිකාව උද්ඝෝෂණයක් සංවිධානය කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සාධාරණය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව යොදවා හිරු මාධ්‍ය ආයතනය සංවිධාන කළ සාමකාමී උද්ඝෝෂණයක් අද පැවැත්විය.

ඒ, කොළොන්නාව නගර මධ්‍යයේදිය.

උද්ඝෝෂණයේ නිරතවූ පිරිස පගමනකින් පැමිණ අගති අතර එහිදී අදහස් දැක්වූ යථාර්ථය සංවිධානයේ මහ ලේකම් ශාස්ත්‍රවේදී පුජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමියන් සඳහන් කළේ පසුගිය වසර හතර හමාරකට අධික කාලයක් රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් අධිකරණ විනිසුරුවරුන්ට බලපෑම් සිදුකර ඇති බවට රන්ජන් රාමනායකගේ හඬපට වලින් මනාවට පිළිබිඹු වන බවය.

එමෙන්ම දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ නඩු තීන්දුවටද එමඟින් බලපෑම් සිදුව ඇති නිසා ඔහුට සාධාරණය ඉෂ්ඨ විය යුතු බව සඳහන් කළේය.

කෙසේ වෙතත් දුමින්ද සිල්වා නිදහස් කිරීම ජනාධිපති ගෝඨාභය රජාපක්ෂ මහතාට ජනාධිපතිවරණයේ දී හිරු නාලිකාව සහාය දැක්වීමට ප්‍රධානම හේතුවයි. ඉදිරි දින කිහිපය තුල නිසැක වශයෙන්ම ඔහු නිදහස් කරනු ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජිනීවා යෝජනාවෙන් ඉවත් වූ බව පැවසීම දේශපාලන වාසි ගන්න කරන ව්‍යාජ ප්‍රචාරයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කෙරුණු යෝජනාවකින් ඉවත් වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට හැකියාවක් නොමැති බවත් එසේ ඉවත් වන බවට ඔවුන් කරන...

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා සංචිතයෙන් දනුෂ්ක ඉවතට.. තිසර ඇතුළට

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය ඊයේ...

යකඩ පොලු වලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කළ 6කට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයක් සිදු කොට තවත් අයෙකුට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව සම්බන්ධයෙන් දකුණු පළාත් බද පූර්වගාමි...

‘ආතල්’ ගන්න ගිය හමුදා ලොක්කාගේ පුතා අධිතාක්‍ෂණික නෞකාව හප්පා විනාශ කරයි

ත්‍රිකුණාමලය වරායට පිවිසෙන නෞකාවලට මග පෙන්වීම සදහා නියෝජ්‍ය වරාය යාත්‍රාපති (Deputy Harbour Master) පරිහරණය සදහා තිබු නියමු යාත්‍රාව (Pilot Boat) යාත්‍රා පදවන්නා...

පාඨක අදහස්