31 C
Colombo
Saturday, September 26, 2020
මුල් පිටුව උණුසුම් පුවත් අසර්බයිජානයේ දී මියගිය ශිෂ්‍යාවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන්

අසර්බයිජාන්හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ මෘත දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ටෙහෙරාන්හි පිහිටි මෙරට තානාපති කාර්යාලයට අසර්බයිජාන් රජය විසින් දැනුම් දී ඇති බවයි.

කෙසේවෙතත් මෘත දේහයන් මෙරටට ගෙන්වන දිනය සම්බන්ධයෙන් අසර්බයිජාන් රජය මේ දක්වාත් නිශ්චිත තොරතුරු ලබා දී නොමැති බව ද විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය.

ශිෂ්‍යාවන් තිදෙනාගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනිම සඳහා ටෙහෙරාන්හි පිහිටි මෙරට තානාපති කාර්යාලය විසින් අසර්බයිජාන් රජය සමඟ අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ද එම අමාත්‍යාංශය සඳහන් කර සිටියේය.

අසර්බයිජාන්හි බකු අගනුවර කැස්ෆියන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි මෙරට ශිෂ්‍යාවන් තිදෙනෙකු විෂ දුමක් ආඝ්‍රහණය වීම හේතුවෙන් පසුගිය 09 වැනිදා ජීවිතක්ෂයට පත් විය.

එම ශිෂ්‍යාවන් නැවතී සිටි නේවාසිකාගාරයේ පහත මාලයේ හටගත් ගින්නකින් පසු එහි දුම ආඝ්‍රහණයවීම හේතුවෙන් ඇති වු අසාමිකතාවක් මත ශිෂ්‍යාවන් තිදෙනා රෝහල් ගත කර ඇති අතර එහිදී ඔවුන් මියගොස් තිබුණි.

කඩුවෙල සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි ශිෂ්‍යාවන් තිදෙනෙකු සිද්ධියෙන් මියගියේය.

මොවුන් වයස අවුරුදු 21, 23 සහ 25 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු බව වාර්තා වෙයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මෛත්‍රීගෙන් හා රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සුවිශේෂී කරුණු...

සල්ලි අරන් නඩුව මගහැරිය නීතිඥයාට වසර 7ක් වැඩ තහනම්

නඩුවකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන එම නඩුව වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාවට වරදකරු කළ නීතිඥවරයකුගේ නීතිඥ භාවය වසර හතකට...

රොහාගේ මරණය සැමරු 3ක් අත්අඩංගුවට

රත්මලානේ රොහා“ නමැත්තාගේ මරණය පිළිබඳව සැමරුම් උත්සව පැවැත්වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට ඉහත දී ඝාතනය වූ “කුඩු අංජුගේ“ සහෝදරයා...

ඉතාලියේ පාසැල් සිසුන් 10000ක් නිරෝධායනයට

ඉතාලියේ පාසැල් 400 ක කොවිඩ් ආසාධිත වාර්තා වීම් හේතුවෙන් සිසු සිසුවියන් දස දහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවට තොරතුරු ලැබි...

පාඨක අදහස්