31 C
Colombo
Sunday, May 31, 2020
මුල් පිටුව ආර්ථික පංති කාමරයක සිසුන් ගණන වැඩිකිරීමට එරෙහිව නීතිමය පියවර

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී පංති කාමරයක සිසුන් සංඛ්‍යාව 40 දක්වා ඉහළ දැමීමට ගත් තීරණය හකුලාගන්නැයි රජයට බල කරන්නේ යැයි ද එසේ නොකළහොත් ලංකා ගුරු සංගමය ඊට එරෙහිව අනිවාර්යෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ යැයි ද එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඊයේ (12) පැවසීය.

ළමයින් ඇතුළත් කිරීමේදී පංති කාමරයක සිසුන් සංඛ්‍යාව 35 ක් විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ඇතැයි ද ඒ අනුව රජය ගෙන ඇති මෙම තීන්දුව නීතිවිරෝධී වන බැවින් මෙම ඉල්ලීම කරන්නේ යැයි ද ස්ටාලින් මහතා කීය.

2011 වසරේ දුන් අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව ඊළඟ වසරේ සිට පියවර ගත යුතුව තිබුණත් පැවැති ආණ්ඩුව වසරෙන් වසර ක්‍රමිකව සිසු සංඛ්‍යාව අවම කරමින් 2021 වනවිට පංති කාමරයක සිසුන් සංඛ්‍යාව 35 දක්වා අවම කිරීමට චක්‍රලේඛයක් නිකුත් කළේ යැයි ඒ මහතා කීය.

එම චක්‍රලේඛය පවා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අවතක්සේරු කිරීමක් වුවත් ඊට අනුව 2016 දී ළමයින් 40 ක් 2017 දී ළමයින් 39 ක් 2018 දී ළමයින් 38 ක් 2019 දී ළමයින් 37 ක් 2020 දී ළමයින් 36 ක් හා 2021 දී ළමයින් 35 ක් වශයෙන් එම ඉලක්කය කරා යෑමට සැලසුමක් ක්‍රියාත්මක වී යැයි ස්ටාලින් මහතා කීවේය.

එසේ තිබියදී නව ආණ්ඩුව නැවතත් පංති කාමරයක සිසුන් සංඛ්‍යාව 40 දක්වා ඉහළ දැමීමට පියවර ගැනීම නීතිවිරෝධී යැයි කී හෙතෙම එම තීන්දුව ආපස්සට හරවන්නේ නැත්නම් ලංකා ගුරු සංගමය අනිවාර්යෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන්නේ යැයි අවධාරණය කර කීය.

2021 වසරේදී පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කිරීමේදී පාසල්වල සම්මුඛ පරීක්ෂණ පවත්වා දැනුම්දීම් දැනටමත් කර ඇත්තේ 36 දෙනාගේ ඉලක්කය සඳහා යැයි ද එනිසා අලුත් තීන්දුව මගින් සිදුවන්නේ අලුත් අර්බුදයක් නිර්මාණය කරගැනීමක් යැයි ද ස්ටාලින් මහතා චෝදනා කළේය.

පංති කාමරයක සිසුන් සංඛ්‍යාව සීමා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ජාතික අධ්‍යාපනය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිසංස්කරණමය පියවරක් යැයි ද ආණ්ඩුවේ නව තීන්දුව ක්‍රියාත්මක කළහොත් කුඩා පාසල් වැසී යාම නොවැළැක්විය හැකි වනු ඇතැයි ද ඒ මහතා කීය.

පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී හටගත් ප්‍රශ්න සම්බන්ධයෙන් මව්පියන් රැසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ පෙස්සම් එකට විභාගයට ගෙන අධිකරණ තීන්දුව ලබාදුන්නේ යැයි ද ළමයින් ඇතුළත් කිරීමේදී ජාතික ප්‍රතිපත්තියක් සැකැසීම එයින් අපේක්ෂා කළේ යැයි ද ස්ටාලින් මහතා කීවේය.

එහෙත් ළමයින් සංඛ්‍යාව 40 දක්වා ඉහළ නැන්වීම ප්‍රගතිශීලී අධිකරණ තීන්දුවක් ආපස්සට හැරවීමක් යැයි ද එය ක්‍රියාත්මක කිරීමට ලංකා ගුරු සංගමය කිසි ලෙසකින් ඉඩ නොතබන්නේ යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ඇමරිකාව යුද පිටියක් වෙයි.. ප්‍රාන්ත 16කට ඇඳිරි නීතිය පනවයි

අමෙරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ ප්‍රධාන නගරයෙක් වන මිනියාපොලිස් නගරයේදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු ඉතා අමානුෂීය ලෙස ඝාතනය කිරිමේ සිද්ධියක් මුල්...

තොණ්ඩමාන් පවුල හමුවේ ජනපති නිවටයෙක් වෙයි.. කොරෝනා නීති උල්ලංඝණයට අවසර දීම ගැන වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධය

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පාර්ශ්වයේ පුද්ගලයෙකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට දුරකථනයෙන් අමතා බලපෑම් එල්ල කොට...

නිරෝධායනය නොවී අවමගුලට යන්න තොණ්ඩමාන්ගේ දියණියට ජනපතිගෙන් විශේෂ අවසරයක්

අභාවප්‍රාප්ත වතු කම්කරු කොංග්‍රසයේ නායක ඇමැති ආරුමුගම් තොණ්ඩාමන් මහතාගේ වැඩිමහල් දියණියට සිය පියාගේ දේහය දැක බලාගෙන ඊට අවසන් ගෞරව දැක්වීමට නිරෝධායන නීති...

ඉන්දියානුවන් 700ක් රැගෙන යාමට ජලශ්වා නෞකාව දිවයිනට

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් රැගෙන යාම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් අද (31) කොළඹ වරායට...

පාඨක අදහස්