31 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව දේශපාලන රට ගොඩනැගීමට නම් ඒකාධිපති බලතල අත්‍යාවශ්‍යයි

බොරුවට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කරපින්නාගෙන සිටීමෙන් ඵලක් නොමැති බවත් රට ගොඩනඟන ඒකාධිපති වැඩපිළිවෙලකට යායුතු බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අවධාරණය කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට රට ගොඩනැගීමට නම් ඒකාධිපති බලතල අත්‍යාවශ්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

රට ගොඩනැඟීමට නම් දේශපාලනඥයින් සහ නිලධාරීන් යන කොට්ඨාශ දෙකම වෙනස් කළ යුතු බවයි ඒ මහතා සඳහන් කළේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යන කුලී ගොඩනැඟිල්ලෙන් ඉවත්කර නැවතත් ගොවිජන මන්දිරය වෙත ගෙනයාමට තමන් උත්සාහ දැරුව ද නිලධාරීන්ගෙන් ඊට අවශ්‍ය සහාය නොලැබෙන බවට චෝදනා කළ ඒ මහතා තත්වය මේ ආකාරයෙන් දිගටම සිදුවන්නේ නම් තමන්ට ඇමතිකමෙන් ඉවත්වීමට සිදුවනු ඇති බව ද ප්‍රකාශ කළේය.

එසේම අමාත්‍යවරුන් පමණක් නොවන අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමේදී ද ඒ ඒ විෂයන්ට අදාළ දැනුමක් සහිත පුද්ගලයින් පත් කළ යුතු බව ද ඒ මහතා අවධාරණය කළේය.

“ඇමතිවරු විතරක් නෙවෙයි මේ විෂය දැනගත යුත්තේ අමාත්‍යාංශෙක. ඒ ලේකම්වරුත් දැනගන්න ඕනෙ විෂය. කෘෂිකර්ම අමාත්‍යාංශෙට දාන්න ඕනෙ කෘෂිකර්මය පිළිබඳ විෂය දන්න ලේකම්වරයෙක්.

ඒ ඒ තැන්වලට පෞද්ගලික හිතවත්කම් උඩ ඥාතීකම් උඩ එහෙම දීලා දැන් දෙතුන් පාරක්ම අපට වැරදුණා.

ඔය ඔක්කොමලා හදන්න ඕනෙ. මම ඒකයි හැමදාම කියන්නෙ. බොරුවට මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයයි අරකයි මේකයි කරපින්නාගෙන … ඔව්වා වැඩක් නෑ. රට ගොඩනඟන ඒකාධිපති වැඩපිළිවෙලකට යං අපි” යනුවෙනුයි ඒ මහතා පැවසුවේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්