31 C
Colombo
Saturday, September 26, 2020
මුල් පිටුව දේශපාලන දූෂිතයන්ට තනතුරු පිට තනතුරු දෙන ගෝඨාගේ තීරණ වලට පොහොට්ටු අභ්‍යන්තරයෙන්ම විරෝධය

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස නිශාන්ත රණතුංග මහතා පත්කිරීමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් විසින්ම දැඩි විරෝධයක් දක්වා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ ලේකම්වරයාව සිටිමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වළපල්ලටම ගෙනයාමේ පුරෝගාමියෙකු ලෙස ක්‍රියා කළ නිශාන්ත රණතුංග වැන්නන් යළි තනතුරුවලට පත්කිරීම යනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දූෂණ විරෝධී වැඩපිළිවෙල මුළුමනින්ම හාස්‍යයට ලක්කිරීමක් බවයි ඔවුන් පක්ෂය වෙත අවධාරණය කර ඇත්තේ.

ඒ අනුව මීට පෙර සුදර්මන් රදළියගොඩ මහතාගේ පත්වීම සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරයටම ජනාධිපතිවරයා මැදිහත්ව මෙම පත්වීම ද අවලංගු කළ යුතු බවට ඔවුන් යෝජනා කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

නිශාන්ත රණතුංග මහතාව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කර ඇති බව පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී වාර්තා වුණු අතර අද (13) දිනයේදී ඔහු එම තනතුරෙහි වැඩ භාරගැනීමට නියමිතය.

එම පත්කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ මහත් විරෝධයක් මතුව තිබුණු අතර එය දැඩි උපහාසයට ද ලක්ව තිබිණි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මෛත්‍රීගෙන් හා රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සුවිශේෂී කරුණු...

සල්ලි අරන් නඩුව මගහැරිය නීතිඥයාට වසර 7ක් වැඩ තහනම්

නඩුවකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන එම නඩුව වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාවට වරදකරු කළ නීතිඥවරයකුගේ නීතිඥ භාවය වසර හතකට...

රොහාගේ මරණය සැමරු 3ක් අත්අඩංගුවට

රත්මලානේ රොහා“ නමැත්තාගේ මරණය පිළිබඳව සැමරුම් උත්සව පැවැත්වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට ඉහත දී ඝාතනය වූ “කුඩු අංජුගේ“ සහෝදරයා...

ඉතාලියේ පාසැල් සිසුන් 10000ක් නිරෝධායනයට

ඉතාලියේ පාසැල් 400 ක කොවිඩ් ආසාධිත වාර්තා වීම් හේතුවෙන් සිසු සිසුවියන් දස දහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවට තොරතුරු ලැබි...

පාඨක අදහස්