31 C
Colombo
Saturday, April 4, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ගෝනුස්සන් රට ගෙනයන්න හැදූ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ ගෝනුස්සන් 200දෙනෙකු නීතිවිරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට තැත් කළ චීන ජාතික ගුවන් මගියෙකු අද(13) කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි චීන ජාතිකයෙකි.

ඔහු විවිධ රටවලින් සතුන් චීනයට රැගෙනවිත් අභිජනනය කර, අලෙවි කිරීමේ යෙදී සිටින පුද්ගලයෙකු බවද, ලංකාවේ විවිධ පෙදෙස්වල සංචාරය කර ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් අසා දැනගත් පරිද්දෙන් ගෝනුස්සන් සොයාගත් බවද අනාවරණය කරගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 880 දරන ගුවන් යානයෙන් පිටව යාම සඳහා ඔහු කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පැමිණ සිටියේය. ගුවන් තොටුපළේ ආරක්ෂක නිලධාරීන් ඔහුගේ ගමන් මල්ලේ කූඩුවල සිටින්නේ ගෝනුස්සන් බව හඳුනාගෙන විමර්ශන සඳහා රේගු නිලධාරීන් වෙත බාර දී තිබේ.

මෙම ගෝනුස්සන් ශ්‍රී ලංකාවේ වන ජීවී හා වෘක්ෂලතා ආඥාපනත යටතේ පිටරටවලට රැගෙන යෑම නීතිවිරෝධී වේ.

අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ඩී.ජී.සේනානායක මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ, රේගු අධිකාරී පී.වී.ධර්මප්‍රියන්ත, සහකාර රේගු අධිකාරීවරුන් වන ජේ.සී.එම්.සෙනරත්, පී.එන්.ඒ.දයානන්ද, ඊ.එම්.ඩී.නිරෝෂන්, හර්ෂ රුද්‍රිගු, කේ.එම්.බී.එන්.විජේපාල සහ බී.පී.අබේතිලක යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටිති.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අවම පහසුකම්වත් නොදීම නිසා හෙදියන් සේවයෙන් ඉවත් වේ.. සෞඛ්‍ය ඇමති පවිත්‍රා නිදිද.?

සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවති සාකච්ඡුාවල දී කරන ලද ඉල්ලීම් පිළිබදව යහපත් ප‍්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්, තමන් වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ගැනීමට අදහස් කර තිබෙන බව,...

ඩයලොග් හා ටෙලිකොම් පාරිභෝගිකයන් රවටා මුදල් කොල්ලකන හැටි

ශ්‍රී ලංකා ටෙලිකොම් අන්තර්ජාල සම්බන්ධතා භාවිතා කරන්නන්ව දිවා කාලයේ වැඩි ඩේටා ප්‍රමාණයක් පාවිච්චි කිරීමට පෙළඹවීමේ අරමුණින් එම ආයතනය දියත් කරනු ලබන වංචාසහගත...

ඉතාලියේ සහ ඇමරිකාවේ ලාංකිකයන් කියන කතා

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා රෝගය කෙටි කාලයක් තුළ මුළු ලොවම සිය අණසකට යටත් කර ගැනීමට සමත් විය. චීනයේ වූහාන් පළාතින් ආරම්භ...

මුඩුක්කුවක කොරෝනා මරණය සමග රටම තැති ගනී

ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාසවලින් කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණයක් වාර්තා වීමත් සමග, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරු අනතුරු ඇඟවූයේ "වේගවත් ආක්‍රමණයකට" මුහුණ දීමට රට...

පාඨක අදහස්