34 C
Colombo
Tuesday, January 21, 2020
මුල් පිටුව ක්‍රීඩා විස්සයි - 20 නායකත්වය දසුන් ශානකට?

එළැඹෙන විස්සයි – 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කරමින් ශ‍්‍රී ලංකා කණ්ඩායමට නව විස්සයි විස්ස නායකයකු පත්කිරීමට ක‍්‍රිකට් තේරීම් කමිටුව සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හි අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එළැඹෙන තරගාවලියේ සිට අදාළ වෙනස්කම සිදුවනු ඇතැයි පැවසේ.

මාලිංග විසින් අවසන් වරට මෙහෙයවා ඇති විස්සයි විස්ස තරග 13 කින් ශ‍්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ අගෝස්තු මාසයේදී නවසීලන්තය සමග පැවැති තරගය පමණි. අනෙකුත් තරග 11 ම පරාජයට පත්ව ඇති අතර ශ‍්‍රී ලංකාව ඉකුත් වසරේ ජය ගනු ලැබුවේ පාකිස්තානය සමග පැවැති විස්සයි විස්ස තරගාවලිය පමණි.

මාලිංග එක්ක කතා කරලා තීරණයක් ගන්නවා

වත්මන් විස්සයි විස්ස නායක ලසිත් මාලිංග සමග සාකච්ඡා කරමින් නව නායකයකුට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත බවද මාලිංග දක්ෂ ක‍්‍රීඩකයකු වුවත් ඔහුගේ නායකත්වය යටතේ ශ‍්‍රී ලංකා පිල දිගින් දිගටම පසුබෑමකට ලක්ව තිබීම හේතුවෙන් වෙනත් නායකයකු කඩිනමින් පත්කිරීමට සිදුව ඇති බවද ශ‍්‍රී ලංකාක‍්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිළධාරි‍යෙකු අප සමඟ පැවසීය.

දසුන් ශානක නායකත්වයට?

ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම ලෝක කුසලානට පෙර සකසා ගැනීම සම්බන්ධයෙන් ක‍්‍රිකට් තේරීම් කමිටු පුහුණුකරු මිකී ආතර් සමග සාකච්ඡාකර තිබේ.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නව විස්සයි – 20 නායකයා වශයෙන් දසුන් ශානක පත්වනු ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ග වලින් දැන ගන්නට තිබේ.

දසුන් ශානක පාකිස්තානයට එරෙහිව ශ‍්‍රී ලංකා විස්සයි විස්ස පිල මෙහෙයවමින් එම තරගාවලිය 3-0 ක් වශයෙන් ජය ගැනීමට සමත් විය. ඔහු පසුගිය මාසයේදී බංග්ලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියේදීද එක් කණ්ඩායමක නායකයකු වශයෙන් කටයුතු කර තිබීම හේතුවෙන් දසුන් ශානක අදාළ තනතුර පිරිනැමීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

රන්ජන් බන්ධනාගාරයෙන් පාර්ලිමේන්තුවට

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා...

ගිනස් වාර්තාවකට කොළඹ ආ පුංචි නිවුන්නු 4ක් අනතුරක

කොස්ගොඩ, ඉඳුරුව, හබක්කල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඊයේ(20) සවස මෙම අනතුර...

ඉස්ලාම් ආගමට අපහාස කළ ලාංකීකයින් තිදෙනෙකුට දඬුවම්

සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වු චෝදනාවකට වරදකරුවන් වු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණයක් විසින් දඩ නියම කර තිබේ.

අසාම් BBC සේවයෙන් ඉවතට

බී.බී.සී. සිංහල සේවයේ මෙරට ප්‍රවෘත්ති වාර්තාකරු අසාම් අමීන් මහතා එම ආයතනයෙන් ඉවත්ව තිබේ. පසුගිය ජනවාරි මස 1 වන දා...

පාඨක අදහස්