29 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් වියදම් කපන මුවාවෙන් කරන ශ්‍රී ලන්කන් මුදල් නාස්තිය

ජනාධිපති කොමිසමකින් චෝදනා ලද ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධානියකු තම උසස්වීමක් ලබාගැනීමේ අරමුණින් රුපියල් මිලියන ගණනක් වියදම් කර නව සභාපතිවරයාට හා ප්‍රධාන වාණිජ නිලධාරියාට අලුතින් පහසුකම් සහිත කාර්යාල සකස් කරමින් යන බව වාර්තා වේ.

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තිබී කටුනායක වෙත පසුගිය ඔක්තෝබර් මාසයේදී ගෙන ගිය කාර්යාල පරිශ්‍ර අතරින් සභාපතිවරයාට හා විධායක නිලධාරියාට අලුතින් සියලු පහසුකම් සහිත කාර්යාල සකස් කර තිබියදී අලුතින් මෙම නාස්තිකාර වියදම කරන බව හෙළිවී ඇත.

ලබන අඟහරුවාදාට කලින් මෙම කාර්යාල දෙක ගුවන් මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීමට අදාළ දූෂිත නිලධාරියා යෝජනා කර ඇතැයි ආරංචි මාර්ග කියයි.

ඔක්තෝබර් මාසයේ මෙම ප්‍රධානීන් දෙදෙනාට සියලු පහසුකම් සහිතව සකස් කරදුන් කාර්යාල දෙක අලුතින් කාර්යාල ඉදිකරන තැනට මීටර් පනහක් නුදුරින් පිහිටා තිබීම විශේෂිතය.

තමාට අහිමි වූ තනතුර යළි ලබාගැනීමට ලොක්කන්ගේ ලකුණු දමාගැනීමේ අරමුණින් මෙම කාර්යාල ඉදිකරමින් රජයේ මුදල් නාස්තිකාර ලෙස වියදම් කරන බවද හෙළිවී ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්