28 C
Colombo
Wednesday, February 26, 2020
මුල් පිටුව දේශපාලන දුරකථන සංවාද අන්දෝලනයෙන් පැහැදිලි වන්නේ සදාචාර පරිහානියයි

රටේ විශාල කතාබහකට ලක්ව ඇති දුරකථන සංවාද පටිගත කිරිමේ සිදුවීම මෙන්ම එම පෞද්ගලික සංවාද ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වීම තුළින්ද පිළිඹිබු වන්නේ රටේ සමස්ත සදාචාරයේ පරිහානිය බවත් නවීන තාක්ෂණය විකෘති ලෙස යොදා ගැනීමෙන් මෙය සිදුව ඇති බවත් කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

නවීන තාක්ෂණය රටක සුභසිද්ධිය සඳහා ඉවහල් වන නමුත් තාක්ෂණයට වහල් වීම නිසා සමාජය විකෘති ස්වාභාවයක් කරා ගමන් කිරිම වර්තමානයේදී දක්නට ඇති බවද කථානායකවරයා පැවසීය.

කථානායකවරයා මෙම අදහස් පළ කළේ නුවරකලාවියේ ප්‍රධාන සංඝ නායක ධුරයට පත් පුජ්‍ය මිල්ලෑවේ සුමනතිස්ස හිමිපාණන් වහන්සේට අක්ථපත්‍ර ප්‍රදානය කිරිම නිමිත්තෙන් පදවි ශ්‍රීපුර, අලිවංගුව බෝධිරුක්ඛාරාම රාජ මහා විහාරස්ථානයේදී පැවති පුණ්‍යෝත්සවයේ ප්‍රධාන ආරාධිතා ලෙස සහභාගී වීමෙනි.

ජංගම දුරකථනය මෙන්ම නුතන සන්නිවේදන මාධ්‍ය බොහෝමයක් විසින් පවුල් සබඳතා , දෙමාපිය – දූදරු සබඳතා බිඳ දමා ඇති බවත් ජංගම දුරකථනය බිහි කළ රටවලට වඩා එම තාක්ෂණය ආනයනය කර භාවිතයට ගත් අප වැනි රටවල් එතුළින් අධ්‍යාත්මික පරිහානියක් කරා ගමන් කර ඇති බවද කරු ජයසුරිය මහතා සඳහන් කළේය.

දුරකථන සංවාද ඇතුළු සමාජගත නොවිය යුතු පෞද්ගලික තොරතුරු රසමසවුළු සේ තලු මරමින් සමාජගත කළ හැකි නමුත් කලක් යන විට මෙම සිදුවීම් දෙස ආපසු හැරී බලන කළ අප යුගයේ සිදු වු සදාචාර පරිහානිය ගැන විශාල පසුතැවීමක් ඇති වනු ඇතැ’යි ද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් හෙළිදරව් වී ඇති නීති විරෝධී යමක් වේ නම් ඊට ‍එරෙහිව වහාම පියවර ගැනීමේ අවශ්‍යතාවය බැහැර කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්