27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව ගොසිප් ජයලත් මනෝරත්නයන් දැයෙන් සමුගනී

ජයලත් මනෝරත්නයන් දැයෙන් සමුගනී

ස්වතන්ත්‍ර නාට්‍ය රචකයෙකු, වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙකු මෙන්ම ප්‍රවීන රංගවේදීයෙකු වූ අභාවප්‍රාප්ත ආචාර්ය ජයලත් මනෝරත්නයන් අද දැයෙන් සමුගත්තේය.

මනෝරත්නයන්ගේ දේහයේ අවසන් කටයුතු සිදු කෙරුණේ බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදීයි.

වේදිකාවේ, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රෙය් මෙන්ම සිනමාවේද සුවිශේෂී රංග කුසලතා විදහා දැක්වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන් පසුගිය ඉරිදා අලුයම සිය නිවසේදී අභාවප්‍රාප්ත වුණි.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 71 වන වියෙහි පසුවුණි.

ජයලත් මනෝරත්නයන්ගේ දේහය බොරලැස්ගමුව පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබූ අතර ඊට අවසන් ගෞරව දැක්වීම සදහා දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුලු බොහෝ පිරිසක් ඉකුත් දින කිහිපයේම පැමිණ සිටියේය.

අද දහවල් ආගමික වතාවත් වලින් අනතුරුව ජයලත් මනෝරත්නයන්ගේ දේහය බොරලැස්ගමුව පොදු සුසාන භූමිය වෙත රැගෙන යනු ලැබුවේ බොහෝදෙනාගේ සෝසුසුම් මධ්‍යයේයි.

සවස පහට ඔහුගේ දේහය ආදාහනය ආරම්භ කෙරුණි.

මෙරට කලා ක්ෂේත්‍රයට අග්‍රගන්‍ය සේවයක් ඉටුකළ ආචාර්ය ජයලත් මනෝරත්නයන් දැයෙන් සමුගත්තද ඔහුගේ නාමය නම් සහෘද හදවත් තුළ සදා අමරණීයව පවතිනු ඇති !

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

චිචී, නාමල් රැකියා නොකර අති සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන රහස හෙළිවෙයි

එයාර්බස් වංචාවේ ප්‍රධානම සැකකරුවෙකු වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ ගිණුමකින් බැර කරන ලද ඩොලර් ලක්ෂ 08ක මුදල නිමල් පෙරේරා ඉන් අනතුරුව කිෂන් බූටානි...

පාඨක අදහස්