31 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව විදෙස් පුවත් කාශ්මීර හිම කුණාටු හා නායයෑම් වලින් 62ක් ජීවිතක්ෂයට

පාකිස්තානය (Pakistan) පාලනය කරන කාශ්මීරයට (Kashmir) පසුගිය දින තුන තුළ ඇති වූ හිම කුණාටු හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 62 දෙනෙකු මියගොස් තවත් බොහෝ දෙනෙකු අතුරුදන් වී තිබේ.

මෙම අයහපත් කාලගුණික තත්ත්වයෙන් කලාපයේ නීලම් නිම්නය විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ අතර බොහෝ අය බලධාරීන්ගේ අනතුරු ඇඟවීම් හමුවේ ඉවත්ව තිබුණි.

මෙම ප්‍රදේශය කාලගුණික විපත්වලට නිරන්තරයෙන් ගොදුරු වන අතර මෙම හිම කුණාටු හා නායයෑම් තත්ත්වය මෑත ඉතිහාසයේ මාරාන්තිකම එකක් බව කියැවෙයි.

මෙම අයහපත් කාලගුණය නිසා පාකිස්තානයේ (Pakistan), ඉන්දියාවේ (India) සහ ඇෆ්ගනිස්ථානයේ (Afghanistan) විශාල පිරිසක් දැනටමත් ජීවිතක්ෂයට පත්ව ඇත.

එහිදී පාකිස්තාන කාශ්මීරයේ වඩාත්ම පීඩාවට පත් ප්‍රදේශය වන අතර පුද්ගලයින් 62 දෙනෙකු මියගොස් කිහිප දෙනෙකු අතුරුදන් වී ඇතැයි පාකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය පවසයි.

බොහෝ ස්ථානවල අඟහරුවාදා කාලගුණය යහපත් අතට හැරුණු නමුත් දරුණු ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශ බොහොමයක් වෙත ගමනාගමනය අඩාල වී තිබේ.

පාකිස්තානයේ බලුකිස්තාන් (Balukistan) පළාතේ කාන්තාවන් (Women) 12 දෙනෙකු සහ ළමයින් (Children) 7 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු මියගොස් තිබේ.

ඉන්දියානු පාලිත ජම්මු හා කාශ්මීරයේ (Jammu and Kashmir) පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්ථානයේ නිල සංඛ්‍යා දත්ත අනුව පසුගිය සති දෙක තුළ 24 දෙනෙකු මියගොස් 40 දෙනෙකු තුවාල ලබා ඇති අතර පසුගිය දින තුන තුළ බොහෝ තුවාල සිදුවී ඇත.

රටේ වඩාත්ම බලපෑමට ලක්වූ පළාත් වන්නේ හෙල්මන්ඩ් (Helmand), කන්දහාර් (Kandahar), හේරත් (Herat) සහ ෂාබුල් (Zabul) ය. ආරක්ෂක අංශ හා ස්වෙච්ඡා කණ්ඩායම් විසින් ගලවා ගැනීමේ මෙහෙයුම්වල තවදුරටත් නිරතව සිටියි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්