32 C
Colombo
Thursday, February 20, 2020
මුල් පිටුව දේශපාලන එජාප නායකත්වය තෝරන්න ඡන්ද විමසීමක්

එජාප නායකත්වය තෝරන්න ඡන්ද විමසීමක්

ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයක් එක්සත් ජාතික පෙරමුණේ බහුතර කැමැත්ත මත අද (16දා) තෝරාගැනීමට නියමිතය.

ඒ සඳහා බොහෝදුරට ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ ආරංචිමාර්ග සඳහන් කළේය.

ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීම සඳහා එක්සත් ජාතික පක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහ එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන්ගෙන් සමන්විත නව නායකත්ව මණ්ඩලය පිහිටුවීමට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක් යෝජනා කර තිබේ.

එමෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බවට එක්සත් ජාතික පක්‍ෂයේ තවත් පිරිසක් යෝජනා කර ඇත. මන්ත්‍රී කණ්ඩායමට එක් යෝජනාවකට එකඟවීමට නොහැකි වුවහොත් ඡන්ද විමසීමක් මගින් බහුතර කැමැත්ත විමසීමට නියමිතව ඇති බවද එක්සත් ජාතික පක්‍ෂ ආරංචිමාර්ග සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම, එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී අද (16දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (16දා) අලුයම යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

මේ අතර සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් එක්සත් ජාතික පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරණයට පසුව නොයෙක් මුහුණුවරින් කරළියට පැමිණි එක්සත් ජාතික පක්‍ෂ නායකත්ව අර්බුදය අද පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමත් සමගම විසඳෙනු ඇතැයි හිටපු සභානායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජිනීවා යෝජනාවෙන් ඉවත් වූ බව පැවසීම දේශපාලන වාසි ගන්න කරන ව්‍යාජ ප්‍රචාරයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කෙරුණු යෝජනාවකින් ඉවත් වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට හැකියාවක් නොමැති බවත් එසේ ඉවත් වන බවට ඔවුන් කරන...

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා සංචිතයෙන් දනුෂ්ක ඉවතට.. තිසර ඇතුළට

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය ඊයේ...

යකඩ පොලු වලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කළ 6කට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයක් සිදු කොට තවත් අයෙකුට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව සම්බන්ධයෙන් දකුණු පළාත් බද පූර්වගාමි...

‘ආතල්’ ගන්න ගිය හමුදා ලොක්කාගේ පුතා අධිතාක්‍ෂණික නෞකාව හප්පා විනාශ කරයි

ත්‍රිකුණාමලය වරායට පිවිසෙන නෞකාවලට මග පෙන්වීම සදහා නියෝජ්‍ය වරාය යාත්‍රාපති (Deputy Harbour Master) පරිහරණය සදහා තිබු නියමු යාත්‍රාව (Pilot Boat) යාත්‍රා පදවන්නා...

පාඨක අදහස්