28 C
Colombo
Wednesday, February 26, 2020
මුල් පිටුව ආර්ථික කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් වල සිට අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹේ

කොළඹ නගරයේ සිට රටේ අභ්‍යන්තර ස්ථානවලට මගීන් ප්‍රවාහනය කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පෞද්ගලික දේශීය ගුවන් සමාගම්වලට ඊයේ (16) අවසර ලබා දී තිබේ.

ආරක්ෂක හේතූන් මත වසර 25 ක් තිස්සේ ජනාකීරණ කොළඹ නගරයේ සිට අභ්‍යන්තර මගී ප්‍රවාහන ගුවන් සේවා කටයුතු තහනම් කර තිබූ අතර අද එම තහනම ඉවත් කර තිබේ.

ඒ අනුව කොළඹ නගරයේ අලුතින් ඉදිකළ ගුවන්පථයේ සිට සංචාරකයින්ට අභ්‍යන්තර ගුවන් සේවා පහසුකම් සලසාගත හැකිය.

කොළඹ නගරයේ ප්‍රමුඛතම තරු පන්තියේ සංචාරක හෝටල්වලට සහ ගාලු මුවදොරට ආසන්නයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට නව ගුවන් පථයක් ඒ සඳහාම අලුතින් ඉදිකර තිබේ.

සංචාරකයින්ට එතැන් සිට මහනුවර , හම්බන්තොට , ගාල්ල , මාතර , යාපනය , සීගිරිය , ආරුගම්බේ සහ පොළොන්නරුව වැනි වැදගත් ස්ථානවලට එම ගුවන් සේවා පහසුකම් ලබාගත හැකිය.

මෙතෙක් ලංකාවේ අභ්‍යන්තර ගුවන් සේවා ලබාගත හැකි වුයේ රත්මලාන ගුවන්තොටුපලේ සිට වූ අතර ඒ සඳහා කොළඹ නගරයේ ලැගුම්ගෙන සිටින සංචාරකයින්ට පැයක පමණ කාලයක් ගෙවා එහි යෑමට සිදුව තිබිණ.

කොළඹ සිට අභ්‍යන්තර ගුවන් සේවා ආරම්භ කිරීමට දේශීය ගුවන් සමාගම් හතරක් ඉදිරිපත්ව තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්