29 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව විදෙස් පුවත් අලුත් චීන වෛරසය ගැන ලොවම අවධානයෙන්

පුද්ගලයන් දෙදෙනෙකුට මරු කැඳවමින් මේ වනවිට චීනය පුරා ව්‍යාප්ත වෙමින් පවතින අභිරහස් වෛරසයක් පිළිබඳව සමස්ත ලෝකයේම වෛද්‍ය විශේෂඥයන්ගේ අවධානය යොමුව ඇත. චීනයේ වූහාන් ප්‍රාන්තය කේන්ද්‍ර කරගෙන ව්‍යාප්ත වූ මෙම වෛරය හඳුනාගෙන තිබෙන්නේ පසුගිය වර්ෂයේදීය.

සාස් ප්‍රභේදයට අයත් මෙම වෛරසය බලාපොරොත්තු නොවූ අයුරින් ව්‍යාප්ත වෙමින් පවතින බවයි බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

ගෝලීය බෝවන රෝග පිළිබද ලන්ඩන් රාජකීය ආයතනයේ මහාචාර්ය නීල් ෆර්ගර්සන් කියා සිටින්නේ වෛරසය අවම වශයෙන් 1700කට ආසාදනය වී ඇති බවයි. මේ වනවිට තායිලන්තය, ජපානය යන රටවලින්ද මෙම වෛරසය ආසාදිතවූවන් වාර්තා වී ඇති බවත්, ඒ අනුව ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් විද්‍යාගාර පර්යේෂණවලින් සනාථ වී ඇත්තේ මෙම වෛරසය ආසාදනය වී ඇති පිරිස 41 කට සීමා වී ඇති බවයි.

ඇමරිකාව මේ වනවිටත් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සූදානම් වෙමින් සිටී. මේ වනවිට ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝ, ලොස් ඇන්ජලීස්, නිව්යෝර්ක් යන ගුවන් තොටපුලවල මෙම වෛරසය ආසාදනයවූවන් හඳුනා ගැනීම සඳහා පහසුකම් ස්ථාපිත කර තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්