27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ලංකාවෙන් මැලේසියාවට යැවූ කසළ කන්ටේනර් ආපසු එවයි

ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් කිහිපයකින් මැලේසියාවට යොමුකළ කසළ කන්ටේනර් 150ක් ඔවුන් නැවතත් අදාළ රටවල් වෙත යොමුකිරිමට කටයුතු කර තිබේ. ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 150ක් මෙසේ පසුගිය වර්ශයේ තෙවැනි කාර්තුවේ සිට ඔවුන් රටවල් 13ක් වෙත ආපසු යොමුකර තිබේ.

මේ අනුව ප්‍රංශයට 43, එංගලන්තයට 42, ඇමෙරිකාවට 17, කැනඩාවට 11, ස්පාඤ්ඤයට 10ක්, ලෙස කන්ටේනර් 123ක් ආපසු යොමුකර ඇති අතර සෙසු කන්ටේනර් 27 හොංකොං, ජපානය, සිංගප්පරුව, පෘතුගාලය, චීනය, බංග්ලාදේශය ශ්‍රී ලංකාව හා ලිතුවේනියාව යන රටවල් වෙත ආපසු යොමුකර තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වන මැලේසියානු පරිසර ඇමතිනී යෙඕ බී යින් සඳහන් කළේ මැලේසියාව ලෝකයේ කුණු කූඩය වීමට ඉඩ තොතබන බවයි.

2018 වසරේ සිට චීනය අපද්‍රව්‍ය ගෙන්විම තහනම් කිරීමත් සමග ලොකය තුළ කුණු පිළිබඳව ගැටලුවක් ඇතිවූ අතර මේ අනුව දියුණු රටවල් බොහෝමයක් තම කසළ කන්ටේනර් වලට පටවා ගිණිකොණදිග ආසියානු රටවල් වෙත යැවීමට කටයුතු කර තිබුණි.

මැලේසියාව විසින් ආපසු යොමුකළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණ්‍ය මෙට්‍රික් ටොන් 3737 ක් බවත් ඒවා ආපසු යොමුකිරීම වෙනුවෙන් කිසිම මුදලක් නොගෙවන බවත් පරිසර අමාත්‍යවරිය පැවැසුවාය.

එසේම මේ ආකාරයට මැලේසියාවට කසළ යොමුකර ඇති තවත් කන්ටේනර් 110ක් මේ වසරේ මැද භාගයේදී අදාළ රටවල් වෙත ආපසු යොමු කිරිමට කටයුතු කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අප්‍රේල් වෙනකම් වෙන්කළ මුදල් වලට රජය මොකද කළේ?

2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව...

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

පාඨක අදහස්