32 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව උණුසුම් පුවත් "උඹෙයි ගෑනිගෙයි දෙන්නගෙම රස්සා නැති කරනවා, ඒ වගේම තොගේ පවුලත් විනාශ කරනවා"-...

හිරු මාධ්‍ය ආයතනය විසින් පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු ලෙස කටයුතු කළ තුසිත නැමැත්තාට අල්ලස් ලෙස 2018 වර්ෂයේදී රු.මිලියන 02ක් පමණ ලබාදී ඇති බව වාර්තා වේ. ඒ ඔහු ඉදිකරමින් සිටි නිවස සඳහා ලබාගත් බැංකු ණය ප්‍රමාණය ඔහුගේ විශාල දෙමහල් නිවසේ ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් නොවීම නිසාවෙනි.

විදුලිබල මණ්ඩලයෙන් මෙගාපොලිස් අමාත්‍යංශයේ සේවයට අනුයුක්ත කර සිටි තුසිත නැමැත්තා 2018 වර්ෂයේ අග භාගයේ දින 52කේ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුව විසින් විදුලි බල මණ්ඩලයේ සේවයටම ආපසු යවා ඇත. ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුව එළවා නැවත බලය ලබාගැනීමෙන් පසු නැවතත් තුසිතව මෙගාපොලිස් අමාත්‍යංශයේ සේවයට නොකැදවීම නිසා ඔහු සිත් අමනාපයකින් පසුව ඇත.

මෙම සිද්ධිය දැනගත් උදය ගම්මන්පිල මහතා ඔහුව රෙනෝ ද සිල්වාට හඳුන්වා දී විශාල නිවාසක් ඉදිකර ගැනීම සඳහා මුදල් ලබාදෙමින් පවසා ඇත්තේ සන්දීප් සම්පත් අනතුරට පත්වූ අවස්ථාවේ තුසිත රිය පැදවුයේ නොමැති බවත් පාඨලී චම්පික රණවක මහතා රිය පදවමින් සිටි බවටත් පුවතක් නිර්මාණය කිරීම සඳහා සහාය දෙන ලෙසයි.

මෙගා පොලිස් අමාත්‍ය පාඨලී සමඟ සිත් අමනාපයකින් සිටි තුසිත එයට එකඟ වී මුදල් ලබාගත්තද ඊට සති කිහිපයකට පසු මාධ්‍ය හමුවක් කැඳවා එම ප්‍රකාශය ප්‍රසිද්ධියේ පවසන ලෙස උදය ගම්මන්පිල හා රෙනෝද සිල්වා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ආණ්ඩු බලය නොමැති අවස්ථාවක එවැනි බොරු චෝදනාවක් කළහොත් තමාට හිරේ නොයා බේරීමට ගම්මන්පිලලාගෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු නොහැකි බව පවසමිනි.

තුසිතව තමන්ගේ ආණ්ඩුවක් නොමැතිව පොළඹවා ගැනීමට නොහැකි බව සිතු ගම්මන්පිල මහතාගේ අදහස වී ඇත්තේ ආණ්ඩු බලය ලබාගන්නා තෙක් තුසිතව අමනාප කර නොගෙන තබා ගතයුතු බවයි.

එලෙස තුසිත සමඟ හිතවත්කම පවත්වාගත් උදය ගම්මන්පිල මහතා මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ සැනින් සිදුකළේ තුසිතට දුරකතනයෙන් ආමන්ත්‍රණය කිරීමයි. ගම්මන්පිල පවසා ඇත්තේ තමන් මාධ්‍ය හමුවක් කැඳවන බවත් එයට පැමිණ, පෙර කතිකා කරගත් පරිදි පාඨලී රිය පැදවූ බවට මාධ්‍යයට පවසන ලෙසයි.

එහෙත් සිත් අමනාපකම් පහව ගොස් සිටි තුසිත පවසා ඇත්තේ තමන්ට වක්‍රාකාරයෙන් උදව් කළ හැකි වුවද සෘජුවම එවන් ව්‍යාජ ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ පැවසිය නොහැකි බවයි.

මින් කෝපයට පත්වූ ගම්මන්පිල මහතා තර්ජනය කර ඇත්තේ, “හිටපිය උඹේ ගෑනිගෙයි උඹෙයි දෙන්නගෙම රස්සා නැති කරනවා, ඒ වගේම තොගේ පවුලත් විනාශ කරනවා” යනුවෙනි.

එම තර්ජනයෙන් දින කිහිපයකට පසු රාත්‍රියක තුසිත ඔහුගේ නිවසේ නොමැති අවස්තාවක පිරිමි පොලිස් නිලධාරීන් පමණක් නිවසට යවා තුසිතගේ බිරිඳ, දියණිය හා මව පැහැරගෙන බත්තරමුල්ල ප්‍රදේශයට රැගෙන ආවේ ඔවුන්ව නිදහස් කිරීමට නම් මාධ්‍ය හරහා තමන් ලබාදෙන ප්‍රකාශය කරන ලෙස වට්සැප් ඔස්සේ ඇමතුමක් ලබාදෙමින් තුසිතට නැවතත් තර්ජනය කරමිනි.

මේ පැහැරගැනීමේ සිද්ධිය ආරංචි වූ මාධ්‍යවේදීන් තුසිතගේ බිරිඳ දරුවා හා මව රඳවාගෙන සිටි වාහනය වැටලීමට සූදානම් වූ අවස්ථාවේ ඔවුන් රැගෙන පලාගොස් නැවතත් නිවසටම දැමීමට ගම්මන්පිලගේ ගෝලයන්ට සිදුවිය.

මේ සිද්ධියෙන් තමනුත් අපකීර්තියට පත්වූ නිසා කෝපයට පත්වූ පොලිස් නිලධාරීන් කණ්ඩායම ගම්මන්පිල මහතාට පවසා ඇත්තේ තුසිතව අත්අඩංගුවට ගෙන, “ඕකට එල්ලලා ගහලා, ඇට දෙක දෙතුන් සැරයක් ලච්චුවකට දාල අරින වහන කොට ඕකා අපිට ඕනි ඕනිම දෙයක් කියයි” යනුවෙනි.

ඒ අනුව වහාම අත්අඩංගුවට ගැනුණු තුසිතව දැඩිව බියවද්දා ගම්මන්පිලට හා රෙනෝද සිල්වාට අවශ්‍ය ලෙස පාඨලී රිය පැදවූ බව සඳහන් කරමින් ප්‍රකාශයක් ලබාගත්තේය.

එසේම එම ප්‍රකාශය හෙට (22) දිනයේ උසාවියේදී පවසන ලෙසත් එසේ නොකළහොත් මුළු පවුලම අනාථ කරන බවත් පවසා ඇත. තුසිතගේ බිරිඳ ඇගේ රකියාවෙන්ද නෙරපා දැමීම සඳහා අවශ්‍ය ලිපි ලේඛනද සූදානම් කර ඇති අතර ඇය රැකියාවෙන් නෙරපනවාද යන්න උසාවියේදී ලබාදෙන ප්‍රකාශය අනුව තීරණය වන බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අප්‍රේල් වෙනකම් වෙන්කළ මුදල් වලට රජය මොකද කළේ?

2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව...

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

පාඨක අදහස්