27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව උණුසුම් පුවත් සුනඛයෙකුට වෙඩි තැබූ මුරකරු රිමාන්ඩ්

සුනඛයෙකුට වෙඩි තැබූ මුරකරු රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් වසමේ හෙංගමුව ප්‍රදේශයේ පිහිටි සත්ව ගොවිපලක් තුළ සුනඛයෙකුට අමානුෂික ලෙස වායු රයිෆලයකින් වෙඩි තබා පහරදීමට අදාළව අත්අඩංගුවට ගත් එම සත්ව ගොවිපොළේ මුරකරු නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව එළැඹෙන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සමාජ මාධ්‍ය ජාලාවල හා රූපවහිනී නාලිකාවල සංසරණය වූ වීඩියෝ පටයක් සමබන්ධව පසුගිය 13 දා කොබියිගනේ පොලීසියට දුරකතනය මගින් ලබාදුන් තොරතුරක් අනුව සිදුකළ විමර්ශනයකින් පසුව ගොවිපොලේ මුරකරු 19 දා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ (20දා) නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. වෙඩි තැබීමට යොදා ගන්නා ලද වායු රයිෆලයද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අප්‍රේල් වෙනකම් වෙන්කළ මුදල් වලට රජය මොකද කළේ?

2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව...

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

පාඨක අදහස්