29 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව ආර්ථික ලෙඩ 21ක් හදන කිරිපිටි ගෙන්වීමට රු.බි. 55ක්

ලෙඩරෝග විසිඑකක් ඇති වන කිරිපිටි ගෙන්වීම සඳහා වසරකට රුපියල් කෝටි පන්දහස් පන්සීයකට අධික මුදලක් වියදම් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම මුදල වසරකට රට තුළට ඖෂධ ගෙන්වීමට වියදම් කරන මුදලට සමාන බවත්, කිරිපිටිවලින් ලෙඩරෝග 21ක් ඇති කරන නිසා ජනතාව ඉන් බේරාගැනීම සඳහා ඊයේ (20දා) සිට රට තුළ අඛණ්ඩ වැඩපිළිවෙළක් දියත් කරන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

රෝහල් මට්ටමින් පාසල් මට්ටමින් හා ආයතන මට්ටමින් කිරිපිටිවල ඇති අහිතකර තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට සැලසුම් කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.

කිරිපිටි නිසා ඇති වන රෝගාබාධ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදාහැරීමේ හා දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

දැනුවත් කිරීමේ උත්සවය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී සිදුවිය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්