27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව උණුසුම් පුවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නම් කෙරේ

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව,රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීම සඳහා කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද (21) ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

එම තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරුන් 17 දෙනෙක්ගෙන් සමන්විතය. එහි පළමු රැස්වීම අද පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතය.

චමල් රාජපක්ෂ , නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද , මහින්ද සමරසිංහ, ගාමිණී ලොකුගේ , මහින්ද යාපා අබේවර්ධන , රෝහිත අබේගුණවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, විජිත හේරත් , රිෂාඩ් බදියුදීන් , පාඨලී චම්පික රණවක , මනෝ ගනේෂන් , නිරෝෂන් පෙරේරා, මාවෛයෙන් සේනාධිරාජා යන මහත්වරු මෙම තේරීම් කාරක සභාවට අයත් වෙති.

එම මන්ත්‍රීවරුන් 17 දෙනා පවත්නා සභාවාරය තුළදී තේරීම් කාරක සභාවේ සේවය කළ යුතුය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අප්‍රේල් වෙනකම් වෙන්කළ මුදල් වලට රජය මොකද කළේ?

2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව...

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

පාඨක අදහස්