27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව ක්‍රීඩා ලෝකයේ වේගවත්ම පන්දුව ශ්‍රී ලංකාවේ මතීෂගෙන්?

ලෝකයේ වේගවත්ම පන්දුව ශ්‍රී ලංකාවේ මතීෂගෙන්?

19 පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති තරගයේදී ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ යොමුකළ පන්දුවක් මේ වන විට ක්‍රිකට් ලෝකයේ වැඩි අවධානයක් දිනාගෙන තිබේ.

එම තරගයේ පන්දුවාර 3. 5 පන්දුව මතීෂ යොමුකළ අතර එහි වේගය ලෙස වේග මාපකයේ සටහන්ව තිබුණේ පැයට කිලෝමීටර් 175ක වේගයෙන් යොමුකළ පන්දුවක් ලෙසිනි.

ඒ අනුව මෙම වේගය සත්‍යයක් නම් ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනෑම ආකාරයක තරගාවලි රටාවක් තුළ ලෝකයේ වේගවත්ම පන්දුව යොමුකළ ක්‍රීඩකයා බවට මතීෂ පතිරණ ඉතිහාසයට එක්වෙනු ඇත.

ක්‍රිකට් ලෝකයේ මේ දක්වා වේගවත්ම පන්දුව යොමුකළ ක්‍රීඩකයා ලෙසින් පිළිගැන්නේ පාකිස්තානයේ සොයිබ් අක්තාර්ය. ඔහු පන්දුව යොමුකළ වේගය ලෙස සටහන්ව ඇත්තේ පැයට කිලොමීටර් 161.3ක වේගයකි.

කෙසේ වෙතත් මතීෂගේ පන්දුව යැවු වේගය ප්‍රතික්ෂේප කිරීමක් හෝ එය වේග මාපකයේ සිදුවූ වැරැද්දක් නිසා සටහන් වූවක්ද යන්න පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයක් කර නොමැත.

ඉන්දියාව හා පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩයම ලකුණු 90ක පරාජයක් ලැබීය.

මෙම තරගය ජනවාරි 19 දා පැවැති අතර එහිදී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 297ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු් 207ක් පමණි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අප්‍රේල් වෙනකම් වෙන්කළ මුදල් වලට රජය මොකද කළේ?

2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව...

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

පාඨක අදහස්