31 C
Colombo
Saturday, March 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් බැඳුම්කර වලින් මහින්ද හා කබ්රාල් රු. කෝටි 1047ක් වංචා කර ඇති බව...

ඊයේ (22) සභාගත කෙරුණු බැඳුකර නිකුතු පිළිබඳ වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වන පරිදි 2005 – 2015 කාලසීමාව තුළ මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 10,470ක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මෙම වෝහාරික විගණන වාර්තාවේ ඇතැම් කොටස් අඩුවීමේ වගකීම කථානායකවරයාට පවරමින් කාංචන විජේසේකර අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කළ අතර ඊට පිළිතුරු දෙමින් හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ “එතෙන්දි ඒගොල්ලො කිව්වා මහබැංකුවෙන් ලියුමක් දුන්නා කියලා, ඒ ලියුමෙ කියලා තියෙනවා කියලා ඇමුණුම් ටික දෙන්න නම් නීතිපතිවරයාගේ අනුමැතියක් අවශ්‍යයයි කියලා. එතැනයි ගැටළුව තියෙන්නෙ.

මම දැන් පළවෙනි වාර්තාව කියවන ගමන් මේ ඉන්නෙ. එක්සෙකටිව් සමරි එකේ තියෙනවා 2005 ඉඳලා 2015 වෙනකල් රජයට වෙලා තියෙන පාඩුව රුපියල් මිලියන 10,470යි කියලා” යනුවෙනි.

2015 වසරේ සිදුවූ මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී රජයට සිදුවූ පාඩුව රුපියල් මිලියන 689කට ආසන්න මුදල් ලෙස ගණන් බලා ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩුවක් ද මේ වනවිට අධිකරණය හමුවේ පවතී.

මහින්ද රාජපක්ෂ මහතා ව්‍යාපාරිකයන් යොදවා මෙම ගනුදෙනුව සිදුකර ඇති අතර මෙම වංචාවට සහාය දැක්වීමේ වරදට එවකට ජනපති මෙන්ම අගමැතිවරයාද, මහ බැංකු අධිපති වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් වගකිව යුතුය.

ප්‍රතිචාර: 1

Leave a Reply

  1. මේ කතාව Colombo Telegraph (Diaspora News ) on line එකේ 2015/16 කිව්වේ, මහේන්ද්‍රන්ලගේ වංචාව කරන්ඩ ඉස්සර. ඊ එතකොට කිව්වේ නැත්තේ. එහෙමකිව්වනං රනිල්ලා, මහේන්ද්‍රන්ලා බය වෙලා එක නොකර ඉන්නවනේ. එහෙම කලානං කබ්‍රල්ව රනිල්ලා පන පිටින් හම ගහලා. තවම Daily Mirror , Island , Derana news වලට කිව්වේ නැහැ. රනිල් මුකුත් කිව්වෙත් නැහැ.

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මාරවිල පුද්ගලයෙක් ශ්‍රී ලංකා‍වේ පළමු කොරෝනා මරණීය ගොදුර බවට පත්වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද වාර්තා වුණි. මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග...

වේගයෙන්ම කොරෝනා වැළදී ඇත්දැයි සෙවිය හැකි යන්ත්‍රය ඇමරිකාව නිපදවයි

නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 පිළිබඳ පරීක්ෂාව විනාඩි පහක් වැනි කෙටි කලකදී සිදුකිරීමේ හැකියාව ඇති උපාංගයක් නිපදවන්නට එක්සත් ජනපදයේ ඇබොට් ලැබෝරටොරීස් (Abbot...

ජනතාව පාරවල් පුරා.. කැපකිරීම් වතුරේ

කොරෝනා (කොවිඩ්-19) වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට සෞඛ්‍ය බලධාරීන් දුන් උපදෙස් නොතකමින් ජනතාව ඊයේ (27දා) පෙරවරුවේ මහමඟට පැමිණ ගමන් බිමන් යෑමට පටන් ගැනීම නිසා...

කොරෝනා වලින් මියයාමේ වැඩි සම්භාවිතාවක් ඇති නිසා වැඩිහිටියන්ට උපදෙස් මාලාවක්

Covid-19 වෛරසයේ ව්‍යාප්තිය සමග වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමය විසින් නිකුත් කර තිබේ. එහි...

පාඨක අදහස්