22 C
Colombo
Wednesday, February 19, 2020
මුල් පිටුව ක්‍රීඩා ශ්‍රී ලංකාවට ලකුණු 233ක දැවැන්ත ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 233ක දැවැන්ත ජයක්

අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන 2020 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රමුඛ තරගාවලියෙන් ඉවතට විසි වූ ශ්‍රී ලංකාව ඊයේ (27) පලඟ ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ පළමු තරගයට සහභාගී වෙමින් එම තරගයෙන් නයිජීරියාවට එරෙහිව ලකුණු 233ක පහසු ජයක් වාර්තා කිරීමට හැකි විය.

මෙම තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වූයේ රවිඳු රශාන්ත ය. ඔහු පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා ගත්තේය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි ශතකය වාර්තා කිරීමේ ගෞරවය ද දිනා ගත් රවිඳු රසාන්ත තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 306ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් නයිජීරියා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 73ක් පමණි. එය නයිජීරියා කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණය ද විය.

දකුණු අප්‍රිකාවේ වයඹ විශ්වවිද්‍යාලයීය අංක 2 පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නයිජීරියා නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබුණි.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ මොහොමඩ් ශමාස් සහ නවෝද් පරණවිතාන ය. ඔවුන් දෙදෙනා අතර ලකුණු සබඳතාව 16ක් වෙද්දී නවෝද් දුවද්දී දැවී ගියේය. ඒ වෙද්දී නවෝද් රැස් කරගෙන සිටියේ ලකුණු 4ක් පමණි.

අනතුරුව පිටියට පිවිසියේ රවිඳු රසාන්ත ය. ඔහු සහ ආරම්භක පිතිකරු මොහොමඩ් ශමාස් අතර දෙවැනි කඩුල්ලට ලකුණු 89ක සබඳතාවක් එක් වූහ. මොහොමඩ් ශමාස් පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ලට ද ලකුණු 56ක සබඳතාවක් එක් කිරීමට රවිඳු රසාන්ත සහ නායක නිපුන් දනංජය සමත් වූහ. එවර කඩුල්ල පූජා කළේ නිපුන් දනංජය. ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තේය.

අහන් වික්‍රමසිංහ ලකුණු 17ක් ලබා ගෙන සිව්වැනි කඩුල්ලට දැවී ගිය අතර රවිඳු රසාන්ත සහ සොනාල් දිනූෂ එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 81ක් එක් කරමින් නැවත වතාවක් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව ශක්තිමක් කළහ. සොනාල් දිනූෂ පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේය.

චමිඳු විජේසිංහ (15) සහ කවිඳු නදීශාන් (0) ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය අනෙක් ක්‍රීඩකයෝ වූහ.

ශ්‍රී ලංකා ඉනිම පාලනය කිරීම පිණිස නයිජීරියා නායකයා පන්දු යවන්නන් 8 දෙනෙක් යොදා ගත්ත ද එහි දී සාර්ථක වූයේ ආරම්භක පන්දු යවන්නා වූ රශීඩ් අබොලරින් ය. ඔහු ලකුණු 50කට කඩුලු 2ක් දවා ගත්තේය.

හඹා යන ඉනිමට පිටියට පිවිසි නයිජීරියා ක්‍රීඩකයන්ගේ ආරම්භය කෙළසා දමන්නට වමතින් ආරම්භක වේගපන්දු යැවූ ඩිල්ශාන් මධුශංක සමත් විය. ඔහු තමන් විසින් යැවූ පළමු පන්දු වාරයේ දී ම කඩුලු 2ක් දවා ගත්තේ කිසිදු ලකුණක් ලබා නොදෙමිනි.

නයිජීරියා ඉනිම පාලනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නෝ සිවු දෙනෙක් පමණක් උපයෝගී කර ගත් අතර එහි දී ඩිල්ශාන් මධුශංක පන්දුවාර 7.3ක් යවමින් නිලකුණු පන්දු වාරයක් ද සමඟින් ලකුණු 36කට කඩුලු 5ක් දවා ගත්තේය.

ඊට අමතරව කවිඳු නදීශාන් ලකුණු 6කට කඩුලු 3ක් ද, චමිඳු විජේසිංහ ලකුණු 12කට කඩුලු 2ක් ද දවා ගත්හ.

නයිජීරියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ අබ්දුල්රාහ්මන් ජිමෝ ය. ඔහු පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමගින් ලකුණු 15ක් ලබා ගත්තේය. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 අභිබවා යෑමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත.

මෙම තරග ජයග්‍රහණයක් සමගින් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ පළඟ ශූරතාවේ අවසන් පූර්ව වටයට සහභාගී වීමට සුදුසුකම් ලබා ගත්හ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ලංගම සේවකයා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත ආයුධ

විවිධ වර්ගයේ ජීව පතුරොම් සහ ගිනි අවි දෙකක් නිවසෙහි සඟවා තිබු බව කියන ලංගම සේවකයෙකු හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ ඝනයේ අපරාධ සහ දූෂණ...

ඇමරිකානුවෙක් ලංකාවේ ජනාධිපති වීම පිළිබඳ සතුටුයි – ඇමරිකානු කොන්ග්‍රස් නියෝජිතයින් කියයි

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. විවිධ මට්ටම්වල දේශපාලකයින් හමුවෙමින් ඔවුන් සාකච්ජා වල නිරත වේ.

ලොවපුරා ජනප්‍රිය ලංකාවේ ගොරකා පානය කොලොස්ටරෝල් මර්ධනයට දිව ඔසුවක්

සිලෝන් ගාසිනියා ගොරකා පානය අපේ රටේ දෙයක් වුවත් එම නිෂ්පාදන වැඩි වැඩියෙන් බටහිර රටවල වෙළෙඳපොළ කරා ඇදී යන්නේ අපේ රටේ මිනිසුන් එම...

පොහොට්ටුව ලොකුයි.. ඒ නිසා ලකුණ ගැන විවාදයක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීම නරක දෙයක් නොවුණත් ඇතැම් දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් පොදුජන පෙරමුණේ...

පාඨක අදහස්