31 C
Colombo
Friday, August 7, 2020
මුල් පිටුව ක්‍රීඩා ලසිත් මාලිංග නායකත්වයෙන් හා කණ්ඩායමෙන් ඉවතට?

ලසිත් මාලිංග නායකත්වයෙන් හා කණ්ඩායමෙන් ඉවතට?

ශ්‍රී ලංකා 20/20 ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංගට ඉදිරියේදී නායකත්වය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඔහු යටතේ 20/20 කණ්ඩායම දිගින් දිගටම පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණයට එළඹීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පෙබරවාරි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත අතර කොදෙව්වන් සමග පැවැත්වෙන 20/20 තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස් 20/20 නායකයා ලෙස පත් කිරීමේ සූදානමක් පවතී.

ලසිත් මාලිංගට නායකත්වය අහිමි වුවහොත් ඔහුට කණ්ඩායමේ ස්ථානය ද අහිමි වීමට ඉඩ තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ සම්බන්ධයෙන් ජාතික තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් මහතා පසුගිය මාධ්‍ය හමුවකදීද ප්‍රකාශ කර තිබිණි.

මේ අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු එම සංචාරයේ 20/20 කණ්ඩායමේ නායකත්වය දැරූ දසුන් ශානක සම්බන්ධයෙන් ද බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. එම තරගාවලියේදී ඔහු දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමින් හා මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලිය සඳහා තරුණ කණ්ඩායමක් සූදානම් කිරීමේ අරමුණින් ඔහු නායකත්වයට පත්කළ යුතු බව ක්‍රිකට් ආයතනයේ ඇතැම් බලධාරීන්ගේ අදහසයි.

ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් 20/20 තරගාවලියද මෙම තරගාවලියයි.

පසුගිය වසරේදී එක්දින තරගවලින් සමුගත් ලසිත් මාලිංග තීරණය කළේ මෙම වසරේ පැවැත්වෙන 20/20 ලෝක කුසලානය තෙක් 20/20 තරග ක්‍රීඩා කරන බවයි. කෙසේ වෙතත් මතුව ඇති අර්බුදය හමුවේ, යම් හෙයකින් ඔහු නායකත්වයෙන් ඉවත් කළහොත් එය ඔහුගේ ජාත්‍යන්තර තරග දිවියේ අවසානය වීමටද බොහෝදුරට ඉඩ තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

LTTEයට මුදල් ලබාදුන් ටිරාන් අලස්ට පොහොට්ටුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු මේ වනවිට නම්කර තිබේ. ඒ අතරට මව්බිම පුවත්පතේ හිමිකරු හා අති විශාල...

පොහොට්ටුවෙන් ගොඩගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට මනාප නොදෙන්නැයි කෙතරම් ප්‍රචාර ගෙන ගියද ශ්‍රීලනිප අපේක්ෂකයන් 13...

අගමැති ඉරිදාත් කැබිනට් මණ්ඩලය සඳුදාත් දිවුරුම් දෙයි

පසුගිය 05 වැනිදා පැවති මහ මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා (09) නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට...

ගම්මන්පිලට මනාප 62000ක් අහිමි වෙයි.. ව්‍යාජ දේශප්‍රේමී මාකට් එක හේදෙයි

කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් අපේක්‍ෂකයන්ගේ ප්‍රබලයන් කිහිප දෙනෙකුගේ මනාප සැලකිය යුතු ලෙස පහල ගොස් තිබේ.. දීර්ඝ කාලයක් කොළඹ...

පාඨක අදහස්