31 C
Colombo
Friday, October 30, 2020
මුල් පිටුව උණුසුම් පුවත් රෝහිතට ව්‍යාජ ආචාර්ය උපාධියක් දීමෙන් කොළඹ විශ්විද්‍යාලයේ පිලිගැනීමත් පහල වැටෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ මහතාට ව්‍යාජ ලෙස කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාදී තිබේ. ඒ ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියකි.

රෝහිත රාජපක්ෂ මහතා 2015 වසරේ සිට සිය ආචාර්ය උපාධියට අදාල අධ්‍යයන කටයුතු සිදුකර ඇති බව ප්‍රචාරය කර අතර පසුගියදා එහි ප්‍රතිඵල නිකුත් වී තිබෙන බව සඳහන් කරමින් ඔහුට මෙලෙස වංචනික ලෙස උපාධිය ලබාදී තිබේ.

ව්‍යාජ ලෙස නිබන්ධන හා අනෙකුත් ලිපි ලේඛන විශ්ව විද්‍යාලයේම මහාචාර්යවරුන් කිහිප දෙනෙකු යොදවා සකස්කොට, තම පියා අගමැති වූ සැනින් මෙලෙස ඔහු ආචාර්ය උපාධියක් දේශපාලන බලය පාවිච්චි කොට ලබා ගැනීම කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි වලට ඇති පිළිගැනීම හෑල්ලුවට ලක්කිරීමක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු අප සමඟ සඳහන් කර සිටියේය.

එසේම ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම අතර කොළඹ විශ්ව විද්‍යාලය තවත් පහළට යාමට මෙම සිද්ධිය සෘජුවම හේතුවන බවද එම කථිකාචාර්යවරයා කළකිරීමෙන් යුක්තව සඳහන් කර සිටියේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

පවිත්‍රාගේ බලපෑමට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ධූරයට හිතවතෙක්

ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැර කනිෂ්ඨ නිලධාරියකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම වහා නිවැරැදි කරන්නැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය ඇමැතිවරියගෙන්...

ආසාදිතයින් 414ක් හදුනා ගැනේ

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 414දෙනෙකු හදුනාගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ එම ආසාදිතයින්ගෙන් 62දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි...

කොරෝනා මරණ අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක්

මෙරට කොරෝනා හා මරණ සංඛ්‍යාව ඉහළ යාම යම්කිසි බරපතල තත්ත්වයක් බව සියලු දෙනා අවබෝධ කරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන්...

20වැනි සංශෝධනය අද සිට බලාත්මක වේ

පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් කර තිබේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්...

පාඨක අදහස්