31 C
Colombo
Friday, August 7, 2020
මුල් පිටුව තාක්ෂණික ලංකාවට එන සංචාරකයන් ගැන පසුවිපරම් කරන්න නව මෘදුකාංගයක්

මේ දිනවල ව්‍යප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීම වළක්වා ගැනීමට නව මෘදුකාංගයක් මගින් විශේෂයෙන් චීනයේ සිට පැමිණෙන සංචාරකයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

සෞඛ්‍ය , මානව සුභ සාධනය සහ සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට අදාළ කරුණු සාකච්ඡා කිරීම සදහා ඊයේ(30) කැදවා තිබූ විශේෂ රැස්වීමේදි ඒ මහතා මේබව ප්‍රකාශ කළේය.

වෛද්‍යවරුන් කණ්ඩායමක් සමඟ ICTA ආයතනය මෙම නව මෘදුකාංගය ‍දින දෙකක් තුළ හදුන්වා දුන් බවත් සියලු ගුවන් මගීන් දැනුවත් කර ඔවුන් නවාතැන් ගන්නා ස්ථාන ඇතුළු යනෙන ස්ථාන පිළිබඳ සියලු තොරතුරු ලබා ගෙන මෙම මෘදුකාංගය හරහා විමසිල්ලෙන් පසුවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

චීනයේ සිට මෙරටට පැමිණෙන මගීන් වෙනම ප්‍රවේශ මාර්ගයක් හරහා විශේෂ පරීක්ෂාවට ලක් කෙරෙන බවත්, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සදහා දින ඇතැම් විට දින 14ක කාලයක් ගතවන බැවින් සියලු මගින් පිළිබද මෙලෙස පසුවිපරම් කිරීම සිදු කරන බවද ඒ මහතා පැවසීය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට අමතරව පලාලි ගුවන් තොටුපළ සහ කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය යන වරායයන් ආශ්‍රිතව ද විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙල රැසක් ද ක්‍රියාත්මක බව පැවසූ ඒ මහතා සඳහන් කළේ සෞඛ්‍ය සේවය එක්තරා ආකාරයක බුද්ධි සේවයක් ලෙසද ක්‍රියාත්මක වෙමින් යුහුසුලුව අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

LTTEයට මුදල් ලබාදුන් ටිරාන් අලස්ට පොහොට්ටුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු මේ වනවිට නම්කර තිබේ. ඒ අතරට මව්බිම පුවත්පතේ හිමිකරු හා අති විශාල...

පොහොට්ටුවෙන් ගොඩගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට මනාප නොදෙන්නැයි කෙතරම් ප්‍රචාර ගෙන ගියද ශ්‍රීලනිප අපේක්ෂකයන් 13...

අගමැති ඉරිදාත් කැබිනට් මණ්ඩලය සඳුදාත් දිවුරුම් දෙයි

පසුගිය 05 වැනිදා පැවති මහ මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා (09) නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට...

ගම්මන්පිලට මනාප 62000ක් අහිමි වෙයි.. ව්‍යාජ දේශප්‍රේමී මාකට් එක හේදෙයි

කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් අපේක්‍ෂකයන්ගේ ප්‍රබලයන් කිහිප දෙනෙකුගේ මනාප සැලකිය යුතු ලෙස පහල ගොස් තිබේ.. දීර්ඝ කාලයක් කොළඹ...

පාඨක අදහස්