31 C
Colombo
Friday, August 7, 2020
මුල් පිටුව තාක්ෂණික "කිසිම ආහාරයකින් කොරෝනා බෝ වෙන්නේ නෑ" -සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

කිසිදු ආහාර පානයක් කොරෝනා වෛරසය ආසාදනය වීම කෙරෙහි බලපාන්නේ නැති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසයි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අද (02) දිනය වන විටපවතින තත්ත්වය පිළිබඳව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

එම ප්‍රකාශයේ මෙසේ සඳහන්ය.

“මේ වන විට අප රටින් ස්ථීර වශයෙන්ම වාර්තා වී ඇත්තේ එකම එක කොරෝනා රෝගියායි.

ඇයත් චීන ජාතික කාන්තාවක්.

මේ වන විට එම රෝගියා සම්පූර්ණයෙන් ම සුවය ලබලා තිබෙනවා.

ඒ රෝගියාගේ ජෛව සාම්පල MRI රසායනාගාරයට යනවා තිබෙන්නේ.

එය අවසන් ජෛව සාම්පලය.

එහි ප්‍රතිඵල ලැබුණු වහාම ඒවා හොඳ තත්ත්වයෙන් පවතිනවානම් රෝගියා වහාම රෝහලෙන් මුදවා හැරීමට කටයුතු කරනවා.

දැනය දියතලාවට ඇතුළු කරන ලද සිසුන් ඔවුන්ගේ පළමු දිනය නිම කරලා තිබෙනවා.

තවත් දින 13 ක් ඔවුන්ට එහි රැදී සිටීමට සිදුවෙනවා.

දිනපතා ඔවුන්ට පරීක්ෂා කරලා බලනවා. මේ වන විට කිසිදු පුද්ගලයෙකුට රෝගය ආසාදනය වුණු ලකුණු වාර්තා වෙලා නැහැ.

මොවුන්ව ඉතා සුපරික්ෂාකාරීව බලාගන්නවා වගේම තව දින 13 කින් පසු රෝග ලක්ෂණ වාර්තා නොවුණහොත් ඥාතීන්ට භාරකරන්න බලාපොරොත්තු වෙනවා.

අද (02) දිනය වන විට කිසිදු රෝගියෙක් අලුතින් රෝහල්වලින් වාර්තා වෙලා නැහැ.

කිසිම ආහාරයකින් මේ කොරෝනා රෝගය බෝ වෙන්නේ නැහැ.

මේ රෝගය බෝවෙන්නේ රෝගියෙකුගේ සෙම ශරීරගත වීමෙන්.

කිවිසුම් හෝ වෙනත් ක්‍රමයකින් රෝගියාගේ ආසාදිත ශ්‍රාවයන් තවත් කෙනෙකුගේ ශරීර‍ය මත පතිතවීමෙන් හෝ ශාරීරයට පතිත වීමෙන් පමණයි.

ඒ නිසා කිසිම ආහාර වර්ගයකින් ‍මේ රෝගය බෝ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නැහැ.”

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

LTTEයට මුදල් ලබාදුන් ටිරාන් අලස්ට පොහොට්ටුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු මේ වනවිට නම්කර තිබේ. ඒ අතරට මව්බිම පුවත්පතේ හිමිකරු හා අති විශාල...

පොහොට්ටුවෙන් ගොඩගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට මනාප නොදෙන්නැයි කෙතරම් ප්‍රචාර ගෙන ගියද ශ්‍රීලනිප අපේක්ෂකයන් 13...

අගමැති ඉරිදාත් කැබිනට් මණ්ඩලය සඳුදාත් දිවුරුම් දෙයි

පසුගිය 05 වැනිදා පැවති මහ මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා (09) නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට...

ගම්මන්පිලට මනාප 62000ක් අහිමි වෙයි.. ව්‍යාජ දේශප්‍රේමී මාකට් එක හේදෙයි

කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් අපේක්‍ෂකයන්ගේ ප්‍රබලයන් කිහිප දෙනෙකුගේ මනාප සැලකිය යුතු ලෙස පහල ගොස් තිබේ.. දීර්ඝ කාලයක් කොළඹ...

පාඨක අදහස්