22 C
Colombo
Wednesday, February 19, 2020
මුල් පිටුව දේශපාලන මෛත්‍රීට නාමයෝජනා දීමට එරෙහිව පොහොට්ටුවේ දැඩි විරෝධතා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සම නායකයකු ලෙස පත් කිරීමට පමණක් නොව ඒ මහතාට ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමට ද එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් විරෝධය පළකර ඇති බව වාර්තා වේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා නව පොහොට්ටු – ශ්‍රීලනිප සන්ධානය යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරගවැදීමට සූදානමින් සිටින අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ අමාත්‍යවරයා මීට මුල පටන්ම සිය දැඩි විරෝධය පළ කර තිබිණි.

එසේම, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද ඊයේ (02) ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ නව සන්ධානයට මෛත්‍රීපාල සිරිසේන මහතාව සම්බන්ධ කරගැනීම පිළිබඳව පොහොට්ටුවේ විශාල පිරිසක් විරෝධය පළ කර ඇති බවකි.

මේ අතර, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු තමන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටළු ගණනාවක් ඇතිකිරීමට මූලික වූ පුද්ගලයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව ප්‍රචාරණ ව්‍යාපාරයක නිරත වීම තමන්ට දැඩි ලෙස අවාසි සහහත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි පෙළ ක්‍රියාකාරික දේශපාලනඥයින් ගණනාවක්ම පක්ෂ නායකත්වය වෙත පෙන්වා දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

විශේෂයෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට වසරක් පිරෙන කාලය ආසන්නයේදී මහමැතිවරණය පැවැත්වීමට නියමිත හෙයින් එම ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා කටයුතු නොකළ බවට දැඩි චෝදනා එල්ල වී ඇති එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එකම වේදිකාවක හිඳගැනීම යනු තම පක්ෂයට දරුණු හානියක් ගෙනදෙන්නක් බවත් ඔවුන් විසින් අවධාරණය කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් ශ්‍රීලනිපය සහ පොහොට්ටුව ජනාධිපතිවරණයට පෙර අත්සන් තබන ලද නීත්‍යානුකූල ගිවිසුමක් ද පවතින නිසා තත්වය බෙහෙවින් සංකීර්ණ වී ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

ප්‍රතිචාර: 1

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ලංගම සේවකයා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත ආයුධ

විවිධ වර්ගයේ ජීව පතුරොම් සහ ගිනි අවි දෙකක් නිවසෙහි සඟවා තිබු බව කියන ලංගම සේවකයෙකු හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ ඝනයේ අපරාධ සහ දූෂණ...

ඇමරිකානුවෙක් ලංකාවේ ජනාධිපති වීම පිළිබඳ සතුටුයි – ඇමරිකානු කොන්ග්‍රස් නියෝජිතයින් කියයි

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. විවිධ මට්ටම්වල දේශපාලකයින් හමුවෙමින් ඔවුන් සාකච්ජා වල නිරත වේ.

ලොවපුරා ජනප්‍රිය ලංකාවේ ගොරකා පානය කොලොස්ටරෝල් මර්ධනයට දිව ඔසුවක්

සිලෝන් ගාසිනියා ගොරකා පානය අපේ රටේ දෙයක් වුවත් එම නිෂ්පාදන වැඩි වැඩියෙන් බටහිර රටවල වෙළෙඳපොළ කරා ඇදී යන්නේ අපේ රටේ මිනිසුන් එම...

පොහොට්ටුව ලොකුයි.. ඒ නිසා ලකුණ ගැන විවාදයක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීම නරක දෙයක් නොවුණත් ඇතැම් දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් පොදුජන පෙරමුණේ...

පාඨක අදහස්