22 C
Colombo
Wednesday, February 19, 2020
මුල් පිටුව තාක්ෂණික කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන්න ශ්‍රී ලංකාවෙන් ඖෂධයක්

කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන්න ශ්‍රී ලංකාවෙන් ඖෂධයක්

කොරෝනා ඇතුළු ඕනෑම වර්ගයේ වෛරසයකින් ආරක්ෂා වියහැකි ආයුර්වේද බෙහෙත් වර්ගයක් හඳුන්වාදීමට සූදානම් බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ හැකි පරිදි ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කිරීමේ හැකියාව මෙම ඖෂධවලට තිබෙන බවයි එම සංගමයේ කායික රෝග විශේෂඥ ආයුර්වේද වෛද්‍ය සුගීෂ්වර ජයකොඩි මහතා පවසන්නේ.

රත කල්කය, රසකිඳ, වෙනිවැල්ගැට හා වදකහ යන මිශ‍්‍රණයන් මෙසේ මිනිස් ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ඕනෑම වෛරසයක්, බැක්ටීරියාවක් ශරීරයට ඇතුළු වීම වළකාලන ගුණයකින් යුතු බව තමන්ට සහතික විය හැකි බව ඔහු පෙන්වා දෙනවා. කොත්තමල්ලි තැම්බූ වතුරෙන් මෙම ඖෂධ දියකර පානය කිරීමෙන් කොරෝනා වෛරසය ඇතුළු වෛරස් ආසාදනය වීමෙන් වැලකිය හැකි බවද සුගීෂ්වර ජයකොඩි මහතා පවසනවා.

එසේම මෙම ඖෂධ අතුරු ආබාධවලින් තොර බව ද එම සංගමය අවධාරණය කරයි.

කොරෝනා වෛරසය ආසාදිතවීමෙන් මියගොස් ඇත්තේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පුද්ගලයන් බව මේ වනවිට අනාවරණය වී ඇති බවත්, ඒ නිසා වෛරසයට එරෙහිව සටන් කළ හැකි පරිදි ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම අවදානමෙන් ගැලවීම සඳහා සුදුසුම ප්‍රතිකර්මය බවත් රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අවශ්‍ය සහයෝගය ලබාදෙන්නේ නම් කොරෝනා වෛරසයේ අවදානමෙන් ගැලවීම සඳහා දායකත්වය දැක්වීමට සූදානම් බවද එම සංගමය ප්‍රකාශ කරයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ලංගම සේවකයා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත ආයුධ

විවිධ වර්ගයේ ජීව පතුරොම් සහ ගිනි අවි දෙකක් නිවසෙහි සඟවා තිබු බව කියන ලංගම සේවකයෙකු හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ ඝනයේ අපරාධ සහ දූෂණ...

ඇමරිකානුවෙක් ලංකාවේ ජනාධිපති වීම පිළිබඳ සතුටුයි – ඇමරිකානු කොන්ග්‍රස් නියෝජිතයින් කියයි

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. විවිධ මට්ටම්වල දේශපාලකයින් හමුවෙමින් ඔවුන් සාකච්ජා වල නිරත වේ.

ලොවපුරා ජනප්‍රිය ලංකාවේ ගොරකා පානය කොලොස්ටරෝල් මර්ධනයට දිව ඔසුවක්

සිලෝන් ගාසිනියා ගොරකා පානය අපේ රටේ දෙයක් වුවත් එම නිෂ්පාදන වැඩි වැඩියෙන් බටහිර රටවල වෙළෙඳපොළ කරා ඇදී යන්නේ අපේ රටේ මිනිසුන් එම...

පොහොට්ටුව ලොකුයි.. ඒ නිසා ලකුණ ගැන විවාදයක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීම නරක දෙයක් නොවුණත් ඇතැම් දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් පොදුජන පෙරමුණේ...

පාඨක අදහස්