31 C
Colombo
Friday, August 7, 2020
මුල් පිටුව තාක්ෂණික අභ්‍යවකාශයේ වැඩිම කාලයක් ගතකර ක්‍රිස්ටිනා පෘථිවියට පැමිණි හැටි (Video)

කාන්තා ගගනගාමීන් සම්බන්ධයෙන් මින් පෙර තබා තිබූ අභ්‍යවකාශ ගමන් වාර්තාව බිඳ හෙළමින් දින 328ක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගතකළ ඇමෙරිකානු ගගනගාමී ක්‍රිස්ටිනා කෝච් ඊයේ (6) පෘථිවියට ළඟාවීමට පැමිණියාය.

ඇය සමග යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ ලුකා පර්මිටානෝ සහ රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ඇලෙක්සැන්ඩර් ස්ක්වොට්සොව් ද පැමිණ ඇත.

ඔවුන් රැගෙන එන යානය කසකස්ථානයේ ස්ටෙප්ස් තෘණ භූමියට පැමිණි බව නාසා බලධාරීහු පවසති.

ඇය පෘථිවියට පැමිණි අවස්තාව

ඇමරිකාවේ මිචිගන්හි උපත ලැබූ 41හැවිරිදි ක්‍රිස්ටිනා කෝච් වෘත්තියෙන් ඉංජිනේරුවරියකි.

ඇය බිඳ හෙලනු ලැබූයේ 2019 වසරේදී ඇමරිකානු ජාතික පෙගී විට්සන් විසින් දින 289ක් අභ්‍යවකාශයේ ගතකරමින් තැබූ වාර්තාවයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ක්‍රිස්ටිනා සහ නාසාහි සහකාරිය වන ජෙසිකා මේර්, අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත මෙහෙයුමක් සිදුකළ ප්‍රථම කාන්තා යුගලය බවට පත්වෙමින් වාර්තාවක් ද තැබූහ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

LTTEයට මුදල් ලබාදුන් ටිරාන් අලස්ට පොහොට්ටුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු මේ වනවිට නම්කර තිබේ. ඒ අතරට මව්බිම පුවත්පතේ හිමිකරු හා අති විශාල...

පොහොට්ටුවෙන් ගොඩගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට මනාප නොදෙන්නැයි කෙතරම් ප්‍රචාර ගෙන ගියද ශ්‍රීලනිප අපේක්ෂකයන් 13...

අගමැති ඉරිදාත් කැබිනට් මණ්ඩලය සඳුදාත් දිවුරුම් දෙයි

පසුගිය 05 වැනිදා පැවති මහ මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා (09) නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට...

ගම්මන්පිලට මනාප 62000ක් අහිමි වෙයි.. ව්‍යාජ දේශප්‍රේමී මාකට් එක හේදෙයි

කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් අපේක්‍ෂකයන්ගේ ප්‍රබලයන් කිහිප දෙනෙකුගේ මනාප සැලකිය යුතු ලෙස පහල ගොස් තිබේ.. දීර්ඝ කාලයක් කොළඹ...

පාඨක අදහස්