31 C
Colombo
Saturday, September 26, 2020
මුල් පිටුව දේශපාලන මහින්ද මිය යාවි යැයි අපේක්ෂාවෙන් අගමැතිකම ගන්න ඇමතිවරු තිදෙනෙක් පොරකයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයේ මීළඟ අග්‍රාමාත්‍ය ධුරය ලබාගැනීම ඉලක්ක කරගනිමින් අමාත්‍යවරුන් තිදෙනෙකුම සටනට පිවිස ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වනවිට 75 වන වියේ පසුවන මහින්ද රාජපක්ෂ මහතා 2025දී හෝ ඊට පෙරම මිය යනු ඇතැයි අපේක්ෂා කෙරෙන හෙයින් මෙසේ 2020 මහමැතිවරණයේදීම මීළඟ අග්‍රාමාත්‍ය ධුරය සඳහා තම සුදුසුකම් ඔප්පු කළ යුතු බවට ඔවුන් තීරණය කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව, වැඩිම මනාප ලබාගැනීම, වැඩිම මනාප ප්‍රතිශතය වාර්තා කිරීම, වැඩිම ජනමාධ්‍ය අවධානය ලබාගැනීම යන මූලික ඉලක්ක මතින් ඔවුන් මෙම සටනට අවතීර්ණ වනු ඇති බව වාර්තා විය.

මේ සඳහා ඔවුන් මේ වනවිටත් ආකර්ෂණීය තේමා පාඨ යටතේ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇති අතර එක් අමාත්‍යවරයකු ජනප්‍රිය ගායකයකුගේ ප්‍රචාරණ ආයතනයක සහාය ද ලබාගෙන ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මෛත්‍රීගෙන් හා රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සුවිශේෂී කරුණු...

සල්ලි අරන් නඩුව මගහැරිය නීතිඥයාට වසර 7ක් වැඩ තහනම්

නඩුවකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන එම නඩුව වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාවට වරදකරු කළ නීතිඥවරයකුගේ නීතිඥ භාවය වසර හතකට...

රොහාගේ මරණය සැමරු 3ක් අත්අඩංගුවට

රත්මලානේ රොහා“ නමැත්තාගේ මරණය පිළිබඳව සැමරුම් උත්සව පැවැත්වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට ඉහත දී ඝාතනය වූ “කුඩු අංජුගේ“ සහෝදරයා...

ඉතාලියේ පාසැල් සිසුන් 10000ක් නිරෝධායනයට

ඉතාලියේ පාසැල් 400 ක කොවිඩ් ආසාධිත වාර්තා වීම් හේතුවෙන් සිසු සිසුවියන් දස දහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවට තොරතුරු ලැබි...

පාඨක අදහස්