31 C
Colombo
Saturday, September 26, 2020
මුල් පිටුව උණුසුම් පුවත් "එදා ත්‍රස්තවාදියා කියූ අසාද් සාලි අද ජනපති කොමිසමේ සාමාජිකයෙක් කරයි"- ගෝඨාගේ නිරුවත්...

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවට ඊයේ (07) කැඳවා තිබුණු කෑගල්ල ප්‍රදේශය භාරව සිටි, දැනට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීම බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් සිදුකර තිබිණි.

මීට පෙර අවස්ථා කිහිපයකදීම කෑගල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙන්ම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොමිසම හමුවට කැඳවූ අවස්ථාවේදී ද අසාද් සාලි මහතා හරස් ප්‍රශ්න විමසීම් සිදුකළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මීට සති කිහිපයකට පෙර මෙසේ හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව පිටතට පැමිණි අසාද් සාලි මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති කොමිසම ඉතාමත්ම සාධාරණ පරීක්ෂණ සිදුකරන බවත් තමන්ටත් පොලිස් නිලධාරීන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමට ඉඩ ලබාදුන් බවත්ය.

කෙසේවෙතත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වූ අලුත එවකට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවේ පිරිස් වෙතින් අසාද් සාලි මහතාට දැඩි විරෝධයක් එල්ල විය. ඒ අනුව, අසාද් සාලි සම්බන්ධයෙන් ඔවුන් එදා දැරූ ස්ථාවරය මේ වනවිට සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති ආකාරයක් පෙන්නුම් කෙරේ.

එදා ත්‍රස්තවාදියා යයි කියූ අසාද් සාලි මේ වනවිට ජනාධිපති කොමිසමක සාමාජිකයෙක් කර පොලිස් නිලධාරීන්ව පවා ප්‍රශ්න කරන තත්වයට පත්කර තිබීමෙන් ආණ්ඩුවේ නින්දාසහගත ක්‍රියා පිළිවෙත රටටම හෙළිව තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මෛත්‍රීගෙන් හා රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සුවිශේෂී කරුණු...

සල්ලි අරන් නඩුව මගහැරිය නීතිඥයාට වසර 7ක් වැඩ තහනම්

නඩුවකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන එම නඩුව වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාවට වරදකරු කළ නීතිඥවරයකුගේ නීතිඥ භාවය වසර හතකට...

රොහාගේ මරණය සැමරු 3ක් අත්අඩංගුවට

රත්මලානේ රොහා“ නමැත්තාගේ මරණය පිළිබඳව සැමරුම් උත්සව පැවැත්වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට ඉහත දී ඝාතනය වූ “කුඩු අංජුගේ“ සහෝදරයා...

ඉතාලියේ පාසැල් සිසුන් 10000ක් නිරෝධායනයට

ඉතාලියේ පාසැල් 400 ක කොවිඩ් ආසාධිත වාර්තා වීම් හේතුවෙන් සිසු සිසුවියන් දස දහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවට තොරතුරු ලැබි...

පාඨක අදහස්