22 C
Colombo
Wednesday, February 19, 2020
මුල් පිටුව විදෙස් පුවත් තායිලන්තයේ සෙබලෙක් පුද්ගලයන් 26 දෙනෙකු ඝාතනය කරයි

තායිලන්ත නකෝන් රච්චාසිමා නගරයේදී හමුදා සෙබළෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනකු මිය ගියේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආරක්ෂක අංශ පැය කිහිපයක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ප්‍රහාරකයා වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.

මෙවැනි අපරාධයක් රට තුළ සිදුවන අවසන් අවස්ථාව මෙය විය යුතු බව හිටපු හමුදා නායකයෙකු වන තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඔචා මාධ්‍යයට ප්‍රකාශ කළේය

ජැක්රපාන්ත් තොම්මා නැමැති හමුදා සෙබළා වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය සොරකම් කර ඇත්තේ, තම අණදෙනා නිලධාරියා ඝාතනය කිරීමෙන් පසුවයි.

ඒ එරට වේලාවෙන් ඊයේ (08) පස්වරු තුනයි තිහට පමණ බැංකොක් අගනුවරට යාබද නකෝන් රච්චාසිමා නගරයේ පිහිටි සිය හමුදා කඳවුරේදීයි.

එහිදී ප්‍රහාරකයා කඳවුරේ තිබූ ආයුධ සහ පතොරම් ද රැගෙන කොරාට් ලෙසද හැඳින්වෙන නකෝනි රච්චාසිමා නගරය වෙත පළාගොස් තිබුණි.

සිය මෝටර් රථය නවත්වන මෙම සොල්දාදුව නගරයේ සිටි සිවිල් වැසියන්ට වෙඩි තබන අයුරුයි දක්නට ලැබුනේය.

ඒ අතරතුර ප්‍රහාරකයා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සජීවිව පෙනී සිටිමින් විවිධ අදහස් පළ කර ඇත.

ඔහු පවසන්නේ, පුදුම වීමේ වෙලාව පැමිණ ඇති අතර කිසිවෙකුටත් මරණයෙන් ගැලවිය නොහැකි බවයි.

ඒ සමග වෙඩි උණ්ඩ තුනක් සහිත පිස්තෝලයක ඡායාරූපයක් ද එහි පළ කර තිබුණි.

අනතුරුව ඔහු පැමිණියේ බැංකොක්හි සාප්පු සංකීර්ණයක් වෙතයි.

මේ ඝාතකයා රයිෆලයක් අතැතිව සාප්පු සංකීර්ණය තුළ සැරිසරන අයුරු සීසීටීවී කැමරාවල සටහන්ව තිබුණි.

සාප්පු සංකීර්ණය ප්‍රහාරකයාගේ ග්‍රහණයට නතු වීමෙන් පසු එම ගොඩනැගිල්ල වටලා ඔහුව අල්ලා ගැනීමට ආරක්ෂක අංශ දැඩි උත්සාහයක නිරත විය.

කෙසේවෙතත් එය අසීරු කටයුත්තක් වී තිබුණේ ප්‍රහාරකයා සාප්පු සංකීර්ණය තුළදී සිවිල් වැසියන් කිහිප දෙනෙකු ප්‍රාණ ඇපයට තබාගෙන සිටීම හේතුවෙන්.

ඒ අතරතුරු ගොඩනැගිල්ල තුළ සිරව සිටි පිරිස් මුදාගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.

ප්‍රහාරකයා යටත් කරගැනීමේ උත්සහයක් ලෙස ඔහුගේ මව සාප්පු සංකීර්ණය වෙත රැගෙන ඒමට ආරක්ෂක අංශ කටයුතු පියවර ගත්තේය.

ඊට ප්‍රතිචාර නොදැක්වූ හමුදා සෙබළා වෙඩි ප්‍රහාරයකින් මියයන්නේ පැය 6ක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි.

ඔහු වෙඩි පහරට ලක්වන විට ගොඩනැගිල්ලේ කෙළවරක සැඟව සිටි බව තායි ආරක්ෂක අංශ මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ලංගම සේවකයා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත ආයුධ

විවිධ වර්ගයේ ජීව පතුරොම් සහ ගිනි අවි දෙකක් නිවසෙහි සඟවා තිබු බව කියන ලංගම සේවකයෙකු හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ ඝනයේ අපරාධ සහ දූෂණ...

ඇමරිකානුවෙක් ලංකාවේ ජනාධිපති වීම පිළිබඳ සතුටුයි – ඇමරිකානු කොන්ග්‍රස් නියෝජිතයින් කියයි

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. විවිධ මට්ටම්වල දේශපාලකයින් හමුවෙමින් ඔවුන් සාකච්ජා වල නිරත වේ.

ලොවපුරා ජනප්‍රිය ලංකාවේ ගොරකා පානය කොලොස්ටරෝල් මර්ධනයට දිව ඔසුවක්

සිලෝන් ගාසිනියා ගොරකා පානය අපේ රටේ දෙයක් වුවත් එම නිෂ්පාදන වැඩි වැඩියෙන් බටහිර රටවල වෙළෙඳපොළ කරා ඇදී යන්නේ අපේ රටේ මිනිසුන් එම...

පොහොට්ටුව ලොකුයි.. ඒ නිසා ලකුණ ගැන විවාදයක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීම නරක දෙයක් නොවුණත් ඇතැම් දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් පොදුජන පෙරමුණේ...

පාඨක අදහස්