31 C
Colombo
Saturday, September 26, 2020
මුල් පිටුව දේශපාලන "වියතුන්ගෙන් වැඩක් නෑ.. ඡන්ද ගන්න පුළුවන්ද කියන එක විතරයි වැදගත්"- නාමල්

මහමැතිවරණය සඳහා විද්වතුන් ඉදිරිපත් කළ යුතු බවට ඇතැමුන් යෝජනා කළ ද විද්වතුන් වුවත් බිම්මට්ටමේ ජනතාවගේ මනාප ලබා ගැනීමට නොහැකි නම් ඔවුන් ගැන කතා කිරීම පවා ඵලක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“නාමයෝජනා ලබාදීමේදී බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් කමිටුවක් දාලා, ජනතාවට ඡන්දය දියහැකි, ඡන්දය දීමට සුදුසු සහ මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් පිරිසක් ජනතාව එක්ක – වියතුන් වගේම මනාප ගන්න පුළුවන්, බිම හඳුනන පිරිසක් වෙන්නත් ඕනෙ. බිම්මට්ටම හඳුනන්නෙ නැත්නම් එතනින් එහාට ඒ පිළිබඳව අපි කතා කරලා වැඩකුත් නෑ.

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

කෙසේවෙතත් පසුගියදා කෑගල්ලේදී පැවති වියත්මග සමුළුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මග සංවිධානයේ පිරිස් අවධාරණය කර තිබුණේ පාර්ලිමේන්තුවේ වසර 10කට වැඩි කාලයක් ගත කළත් රට ගොඩනැංවීමට නොහැකි වූ පිරිස් අසාර්ථක බව ඔප්පු වී ඇති හෙයින් ඔවුන් වෙනුවට විද්වතුන් පාර්ලිමේන්තු යැවිය යුතු බවකි. නමුත් දැන් ඊට හාත්පසින්ම වෙනස් පිරිසකට නාම යෝජනා දීම අරඹා තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මෛත්‍රීගෙන් හා රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සුවිශේෂී කරුණු...

සල්ලි අරන් නඩුව මගහැරිය නීතිඥයාට වසර 7ක් වැඩ තහනම්

නඩුවකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන එම නඩුව වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාවට වරදකරු කළ නීතිඥවරයකුගේ නීතිඥ භාවය වසර හතකට...

රොහාගේ මරණය සැමරු 3ක් අත්අඩංගුවට

රත්මලානේ රොහා“ නමැත්තාගේ මරණය පිළිබඳව සැමරුම් උත්සව පැවැත්වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට ඉහත දී ඝාතනය වූ “කුඩු අංජුගේ“ සහෝදරයා...

ඉතාලියේ පාසැල් සිසුන් 10000ක් නිරෝධායනයට

ඉතාලියේ පාසැල් 400 ක කොවිඩ් ආසාධිත වාර්තා වීම් හේතුවෙන් සිසු සිසුවියන් දස දහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවට තොරතුරු ලැබි...

පාඨක අදහස්