32 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව දේශපාලන රනිල්ගේ ඒකාධිපතීත්වය එජාපයේ මළගම ලියාවිද?

ඊයේ (10) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දැඩි උණුසුම්කාරී වාතාවරණය මැද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම ඉන් ඉවත්ව පිටව ගොස් ඇති බව වාර්තා වේ.

මීට පෙර පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සජිත් පිල විසින් වර්ජනය කර තිබුණ ද ප්‍රශ්නය විසඳාගැනීමේ අරමුණින් යුතුව ඊයේ දිනයේදී ඔවුන් ඊට සහභාගී වී තිබිණි.

කෙසේවෙතත් නව සන්ධානයේ ලකුණ සහ නාමයෝජනා ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රනිල් පිල තමන්ගේ තනි තීන්දු තීරණ ප්‍රකාශයට පත්කිරීමට පටන් ගැනීම නිසා රැස්වීම දැඩි උණුසුම්කාරී එකක් වී තිබේ.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා විමසා ඇත්තේ සන්ධානයෙහි නායකත්වය සහ මැතිවරණය ව්‍යාපාරය මෙහයවීමේ වගකීම තමන්ට පවරාදී ඇත්නම් තමන්ට අවශ්‍ය පරිදි එය කරගෙන යාමට ඉඩනොදෙන්නේ මන්ද යන්නයි. රනිල් පිලට වුවමනාවී ඇත්තේ තමන්ගේ ජනප්‍රියත්වය භාවිතා කරමින් තමන්ව වේදිකාවට නංවා අහවලුන්ට අහවලුන්ට ඡන්දය ප්‍රකාශ කරන්නැයි තමන් ලවා කියවා ගැනීමට පමණක්ද යන්නත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රශ්න කර ඇති බව සඳහන්.

විශේෂයෙන් නව සන්ධානයේ ලකුණ පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ ද පුද්ගලික කැමැත්ත අලියා ලකුණ වෙත ඉහළින්ම තිබුණත් සන්ධානයට එක්වී සිටින සහ සන්ධානයට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු පක්ෂ සහ කණ්ඩායම් එකඟවන ලකුණකින් මැතිවරණයට ඉදිරිපත්වීම අනිවාර්යය බවයි.

මෙම රැස්වීමේදී එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ද දැඩි උද්වේගකර කතාවක් පවත්වා ඇති බව වාර්තා වන අතර අවසානයේ ඡන්ද ලකුණ පිළිබඳ එකඟතාවකට පැමිණීමට නොහැකිවීම මෙන්ම මැතිවරණය මෙහයවීමේ බලය සජිත්ට පවරා දුන්නත් ඊට අදාළ තීන්දු තීරණ ගැනීමට ඔහුට ඉඩ නොදෙමින් දිගින් දිගටම බලපෑම් කිරීම සම්බන්ධයෙන් ද විරෝධය පළකරමින් සජිත් පිල කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් නැගිට පිටව ගොස් තිබේ.

ඒ අනුව ඉදිරි දින දෙක තුළ විසඳුමකට පැමිණීමට නොහැකි වුවහොත් නව සන්ධානය යටතේ සජිත් පිල වෙනම තරග කිරීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අප්‍රේල් වෙනකම් වෙන්කළ මුදල් වලට රජය මොකද කළේ?

2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව...

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

පාඨක අදහස්